ඉරාන ප්‍රහාරයෙන් පස්සෙ නෙතන්යාහුට ඇඟිල්ලක් වැඩිවෙලා!
1 min read
ඊශ්‍රායලයෙන් ලැබුණු මේ වීඩියෝව දිහා බලන්න. ඒ අතේ ඇති ඇඟිලි ගණන් කරන්න. ඔව්, ගණන් කරන්න. මන්ද මේ මොහොතේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා කරමින් සිටින්නේ එයයි. ඔවුන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කතාවක් අතරතුර වීඩියෝව නතර කරල (pause), ඔහුගේ අත විශාල කරල (zoom) බලමින් ඉන්නවා.
ඉරාන ප්‍රහාරයෙන් පස්සෙ ජීව විද්‍යාත්මකව සිදු නොවිය හැකි දෙයක් නෙතන්යාහුට සිද්ධවෙලා තියෙනවා.
කොටින්ම මේ වෙනස ගැන තවමත් ඔහුගේ කාර්යාලය හෝ ඊශ්‍රායල රාජ්‍ය මාධ්‍ය හෝ මේ පෘථිවියේ සිටින කිසිදු විශ්වාසදායක බලධාරියෙකු ඉදිරිපත් වෙලා මෙය පැහැදිලි කරල නෑ.
මෙම දර්ශනය මාර්තු 12 වන දින නෙතන්යාහු කළ දේශනයක කොටසක්. එය විශාල කර බැලූ පරිශීලකයින් තර්ක කරන්නේ එහි අමතර ඇඟිල්ලක් පෙනෙන්නට ඇති බවයි. නිල වෘත්තීයමය වශයෙන් රූගත කළ දේශනයකදී මිනිස් අතක ඇඟිලි හයක් තිබීම ගැන අන්තර්ජාලය කැළඹිල තියෙනවා.
තවත් පරිශීලකයෙක් මෙහෙම ලියන තියෙනවා: “නෙතන්යාහු මිය ගොස්ද? අද කළා යැයි කියන මෙම කතාවේ තත්පර කිහිපයකට පසු ඔහුගේ දකුණු අතේ ඇඟිලි හයක් ඇති බව ඔබට පෙනේවි. එමෙන්ම ඔහු වෙනදාට වඩා වේගයෙන් සහ සජීවීව කතා කරනවා.”
විමර්ශක විලියම් රැම්සේගේ මෙම සටහන දැඩි අවධානයට ලක්වෙලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා. “වගකිවයුතු මාධ්‍යවේදියෙකු ලෙස මා කරුණු සොයා බැලීමේදී (fact-check), තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ මෙම වීඩියෝව වෙනස් කිරීමකට ලක්වූවක් නොව, වේගවත් චලනය නිසා ඇති වූ බොඳ වීමක් (motion blur) සහ වීඩියෝව සම්පීඩනය කිරීමේදී ඇති වන දෝෂයක් (compression artifacts) විය හැකි බවයි. සම්පූර්ණ වීඩියෝවේදී ඔහුගේ අත වේගයෙන් චලනය වන අතර එම නිසා ඇතැම් දර්ශනවල (frames) ඇඟිලි දෙකක් ලෙස හෝ එකට එකතු වී ඇති ලෙස පෙනිය හැකියි. මෙතෙක් කිසිදු විශ්වාසදායක AI විශ්ලේෂණයක් මගින් මෙම වීඩියෝව AI මගින් නිපදවන ලද්දක් බව තහවුරු කරල නෑ”.
පසුගිය පෙබරවාරි 28වනදා ඉරාන-ඇමරිකා හා ඊශ්‍රායල යුද්ධය ආරම්භ වුණා. ඉන් දින කීපයකට පස්සෙ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී බලකායේ ප්‍රහාරයකින් නෙත්නයාහු තුවාල වීමට හෝ මියයන්නට ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.
ඒ අතර බෙන්ජමින් නෙත්නයාහුගෙ නිල ගුවන් යානය ජර්මනියේ තියෙනවා කියලා හෙළිදරව් වුණා.
කොහොම නමුත් නෙතන්යාහු ලෝකයම හොයමින් ඉන්නවා. ඇත්තටම ඔහු මිය ගිහින්ද? නැත්නම් පැනල ගියාද?
ප්‍රියන්ත මධුකුමාර.
