June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමෙරිකානු තානාපති කාර්යාලයට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීමට කළ ඉල්ලීම කියුබානු රජය ප්‍රතික්ෂේප කරයි!

1 min read

කියුබාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ විදුලි ජනක යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් ඉන්ධන එරටට ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීම කියුබානු රජය විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ. Washington Post පුවත්පත වාර්තා කරන පරිදි, කියුබානු බලධාරීන් මෙම ඉල්ලීම හඳුන්වා දී ඇත්තේ අතිශය “ලැජ්ජා සහගත” (Shameless) ක්‍රියාවක් ලෙසයි.


ට්‍රම්ප් පරිපාලනය විසින් කියුබාවට එරෙහිව පනවා ඇති දැඩි ඉන්ධන සම්බාධක හේතුවෙන් කියුබාව මේ වන විට දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටී.


මුළු රටටම ඉන්ධන ලැබීම අහුරා ඇති පසුබිමක, අමෙරිකානු තානාපති කාර්යාලයට පමණක් ඉන්ධන ගෙන්වා ගැනීමට අවසර ඉල්ලීම කියුබාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x