ආණ්ඩුවට එරෙහි විරෝධය වලක්වා ගන්න රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට!
1 min read
ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනතා අප්රසාදය, විරෝධතාවය හා පීඩනය සමනය කර ගැනීම සඳහා වහාම රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගත යුතු බව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙහිදී ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගතහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මානසික මට්ටමත් පහළට දැමිය හැකි බව වැඩිදුරටත් සාකච්ඡාවී ඇත.
විශේෂයෙන්ම ගල් අඟුරු වංචාව විදුලි බිල වැඩිකිරීම තෙල් අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී ඇත.එමගින් වර්ධනය වන දැඩි ජනතා අප්රසාදය මගහරවා ගැනීමට මෙසේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරන ලෙසද වැඩිදුරටත් සාකච්ඡා කල බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.
