June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණ නියෝගයට පිටු පා වසන්ත තවමත් කට උත්තර දෙන්න නොයයි !

1 min read

ගල්කිස්ස අධිකරණයෙන් පසු ගිය දා නියෝගයක් නිකුත් කළේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන්, විභාගයට ගෙන තිබෙන වෘත්තීය සමිති ගොඩනැගිල්ලකට අදාළ නඩුවකට සම්බන්ධව ප්‍රකාශයක් ලබාගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය.

නමුත් එම නියෝගය ප්‍රකාරව මෙතෙක් අදාළ ප්‍රකාශය ලබා දීමට වසන්ත සමරසිංහ අමාත්‍යවරයා CID යට කැඳවා නැත. අපගේ CID වාර්තාකරු පෙන්වා දෙන්නේ, මෙතෙක් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරින් දෙදෙනා වෙනත් ඒකකවලට මාරු කර යවා, පසුව පරීක්ෂණ අලුතෙන් බාරගන්නා පොලිස් නිලධාරින් හමුවේ තම ප්‍රකාශය ලබා දීමට වසන්ත සමරසිංහ සැලසුම් කර ඇති බවයි. ඒ අනුව, ඉන් එක් පොලිස් නිලධාරියකු මේ වන විට වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යැවීම ද සිදු කර තිබේ.

ඒ අතරම, අපගේ අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ඉහළින්ම ආ බලපෑම මත, මීළග නඩු දිනයට පෙර ගල්කිස්ස උසාවියේ මේ පිළිබඳව නඩුව විභාග කරන මහේස්ත්‍රාත්වරිය ද වෙනත් අධිකරණ බල ප්‍රදේශයකට මාරු කර යැවීමට සැලසුම් සකස් කරමින් තිබෙන බවයි. ඒ හරහා තමන්ට අගතියක් නොවන පරිදි පොලිස් පරීක්ෂණ හා අධිකරණ ක්‍රියාදාමය පාලනයට නතු කර ගැනීම වසන්ත සමරසිංහලාගේ උවමනාව වී තිබෙන බව අනාවරණය වේ. මේ ගැන දන්නා ඇතැම් නිලධාරින් එකිනෙකා හා පවසන්නේ “බඩුත් ආණ්ඩුවේ ! නඩුත් ආණ්ඩුවේ !” කියා ය !

ජනප්‍රිය පුවත්  විගණකාධිපති තනතුරට, දේශපාලන ගැත්තෙක් එපා! නීතීඥ සංගමය ජනාධිපතිට ලියයි

UnderGround අධිකරණ වාර්තාකරු
තාරක උඳුපිටිය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x