January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදේශ ගවේෂණ යාත්‍රා තහනම්! චීනයට ‘‘මාලිමා“ පහරක්!

1 min read

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට විදේශ සාගර ගවේෂණ යාත්‍රාවන් හි පැමිණීම තහනම් කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි. ඔහු ඒ බව පැවසුවේ විදේශ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දීය.

සාමාන්‍යයෙන්, සාගර ගවේෂණය පිණිස නාවුක යාත්‍රා මෙරට සීමාවට පැමිණීමට කටයුතු කළේ චීනය විසිණි. චීනයේ ගවේෂණ යාත්‍රා පැමිණීම ඉන්දියාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද විරෝධයට හේතු වී තිබිණි. නමුත් පෙර පැවැති කිසිදු ආණ්ඩුවක් එම යාත්‍රාවන් හි පැමිණිම තහනම් කිරීමට කටයුතු නොකළේය. දෑකැත්ත සහ මිටිය ඉදිරියට දමාගත් ජ.වි.පෙ. ආණ්ඩුව එම ගවේෂණ යාත්‍රාවන් හි පැමිණිම තහනම් කිරීමට තීරණය කිරීම ඍජුව චීනය හුදකලා කිරීමේ අරමුණ ඇතිව ගනු ලැබූ තීරණයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වෙනිසියුලාව මුහුණ දී සිටින, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මදුරෝ ජනාධිපතිවරයා පැහැරගෙන යාමේ ක්‍රියාවලියෙන් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඒ පිළිබඳව නිකුත් කළ නිල නිවේදනයේ ද ”ඇමෙරිකා ඒක්සත් ජනපදය” ගැන වචනයක්වත් සඳහන් කර නැත. එමෙන්ම, ජනාධිපති මදුරෝ පැහැරගෙන යාම ඍජුව හෙළා දැකීමට ද කටයුතු කර නැත. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ දේශපාලන උවමනාවන්ට අනුව නැටවෙන බවය.

ජනප්‍රිය පුවත්  පුරාවිද්‍යා පුවරු ඉවත් කිරීම වළක්වන්න බෑ… නිලධාරීන්ට ජීවිත තර්ජන !

වාමාංශික සළු පැළැදගත් ආණ්ඩුවක්, සත්‍ය භාවිතයේදී ඉන්දු – ඇමෙරිකානු න්‍යායපත්‍රය වැළැදගැනීම විකාර සහගත තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තිමය ගැති භාවය මෙමගින් අනාවරණය කෙරෙන බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

වෙනිසියුලාව මුහුණ දී සිටින, තත්ත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්

නිශාන්ත ෆඩිනැන්ඩු LankaUndergroundNews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x