විදුලි බිල වැඩිකළ යුතුමයි! IMF කියයි
1 min read
ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කිරීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධනය සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. රාජ්‍ය ව්‍යවසායවල පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් එම ව්‍යවසායවල ඇති විය හැකි මූල්‍ය අවදානම් තත්වය මඟ හැරෙන බවද එම අරමුදල පෙන්වා දෙයි.
විදුලිය ගාස්තු 6.8%කින් ඉහළ දැමීමේ විදුලිය බල මණ්ඩලයේ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශිකාව මෙසේ ප්‍රකාශ කළේ ඒ පිළිබඳ කරන ලද විමසීමකට පිළිතුරු දෙමිණි.
කමල් ශ්‍රී අරංගල Underground වාර්තාකරු
