November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල්ව කොටුව මහෙස්ත්‍රාත් උසාවියට!

1 min read

CIDය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව සුළු මොහොතකින් කොටුව මහෙස්ත්‍රාත් උසාවි වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විට වජිර අබේවර්ධන ඇතුළු එ.ජා.ප. ප්‍රවීණයන් හා නීතිඥ කණ්ඩායමක් එම උසාවිය වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ රැස්වීමකට ගොස්, ඉන් අනතුරුව කියුබාවේ නිල සංචාරයක් සිදු කොට, එක් දින බ්‍රිතාන්‍ය සංචාරයකට යාමේදී තම බිරිඳගේ පෞද්ගලික අවශ්‍යතා සදහා මහජන මුදල් වැය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වී තිබේ.

මීට පෙර මේ සම්බන්ධව, හිටපු ජනාධිපති ලේකම්ගෙන්ද කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායකගෙන්ද CIDය විසින් ප්‍රකාශ ලබාගන්නා ලදී.

lankaundergroundnews – විශේෂ වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x