November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ඊළඟ ප්‍රහාරය ලංකාවෙ ද ? ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති !

1 min read

පසුගිය දා ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත කාන්දු වූ විශේෂ පුවතක් වූයේ, දාවුඩ් ඊබ්‍රාහිම් නැමැති ඉන්දීය අපරාධ කල්ලි හා ත්‍රස්ත නායකයකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සමග, ශ්‍රී ලංකාවේ හිටපු ඇතැම් LTTE සාමාජිකයන් සම්බන්ධ බවත්, ඒ මගින් ලබා ගන්නා මුදල් එම හිටපු LTTE සාමාජිකයන් විසින් ත්‍රස්ත කටයුතු සඳහා අවශ්‍ය දෑ මිල දී ගැනීමට හා වැය කිරීමට කටයුතු කරන බවත් ය. මෙම පුවත ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය මගින් ප්‍රබල අවධානය ලැබෙන පරිදි ප්‍රචලිත කර තිබුණි. මෙම පුවත පැතිරයාමත් සමග පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව ආශ්‍රිතව මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය. ඉන් අනතුරුව පාකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකීර්ණය අසල මරාගෙන මැරෙන පුපුරුවා ගැනීමක් සිදු විය.

පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව ආශ්‍රිතව සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය
පසුගිය දා පාකිස්ථානයේ ලාහෝර් නුවර අධිකරණ සංකීර්ණය අසල සිදු වූ මරාගෙන මැරෙන පුපුරුවා ගැනීම

නව දිල්ලියේ මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ, එරට වැසියන්ගෙන් මිලියන 74 ක් ඡන්දය ප්‍රකාශ කරන බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ දෙවන සහ අවසාන අදියර ආරම්භ වීමට නියමිතව තිබියදී ය.

මීට පෙර ද මේ ආකාරයටම ඉන්දියාවේ හා අවට රටවල ඇතැම් ත්‍රස්ත ප්‍රහාර සිදු වී ඇත්තේ ඉන්දියාවට වැදගත් මැතිවරණ ආසන්නයේ දී ය.

ජනප්‍රිය පුවත්  මහින්දව විජේරාම නිවසින් එළියට!

2016 වර්ෂයේ දී ඉස්ලාමීය ත්‍රස්ත ව්‍යාපාරයකින් සිදු කරන ලදැයි කියන පතන්කොට් සහ යූරි ප්‍රහාර වූයේ අරුනාචල්, බෙන්ගාම්, අසාම් සහ මධ්‍ය ප්‍රදේශ මැතිවරණ පැවැත්වෙන විට ය. එමෙන්ම, 2019 වසරේ දී එල්ල කෙරුණු පුල්වාමා ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය පැවැත් විය. එමගින්, නරේන්ද්‍ර මෝඩි බලයට පත් විය.

කාශ්මීරයේ අමර්නාත් දේවාල ප්‍රහාරය එල්ල කෙරුණේ 2017 ජූලි 10 දින ය. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණයක් 2017 ජූලි 17 වන දින පවත්වන ලදී.

ඉන්දියාවේ ගුජරාට් ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ බව පවසා ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගත්තේ 2024 වර්ෂයේ දී ය. ඉන්දීය ලෝක් සභා මැතිවරණය පවත්වන ලද්දේ මේ කාලය තුළ දී ය

ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු පාස්කු ප්‍රහාරය වූයේ ද ඉන්දියාවේ ජාතික මැතිවරණයක් පැවැත්වෙන අතරතුර දී ය. ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ, මේ වන විට ද ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බැවින් හා ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරන ලදැයි කියන දාවුඩ් ඊබ්‍රාහිම් ත්‍රස්ත නායකයා හා LTTE හිටපු සාමාජිකයන් පිළිබඳ පුවත ඉන්දියාව තුළින්ම ප්‍රචාරයට ලක් කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ද ඉන්දීය මැතිවරණයේ පාලක කණ්ඩායමට වාසිදායකව යොදා ගත හැකි අන්දමේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වීමේ අවධානම ඇති වී තිබෙන බව යි.

ජනප්‍රිය පුවත්  පෙළ පොත් නෑ!

මෙරට කතෝලික පල්ලියේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ කණ්ඩායම්වල විරෝධතාවට අවනතව ජනාධිපතිවරයා විසින් ඉන්දීය ධන කුවේරයකු වූ අදානි ගේ සුළං බල ව්‍යාපෘතිය හා ඉල්මනයිට් ව්‍යාපෘති නතර කිරීමට පියවර ගැනීම ද ඉන්දීය බලධාරින්ගේ නොසතුටට හේතු වී ඇත.

රවීන්ද්‍ර ගලප්පත්ති

Lanka Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x