May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැයි දින ජන බලයේ ප්‍රතිඵල ලඟයි !

1 min read

රජයේ ආරංචි මාර්ග දක්වන පරිදි ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිල විශාල අගයකින් ඉහල දැමීමට නියමිතව තිබේ. ඩීසල් බැරල් එක ඩොලර් 286 ට මිලදී ගන්නා ලද ඩීසල් ඇතුළුව “ප්‍රිමියම්” සඳහා විශාල ගාස්තුවක් ගෙවන ලද ඉන්ධන සඳහා මිල ගැලපීම මත මෙම ඉහළ දැමීම සිදුකරනු ලබන බව පැවසේ.

ඒ අතර ලබන සතිය තුළ විදුලිය ගාස්තුද 11% කට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මැයි මාසය තුල එම ප්‍රමාණයෙන් ඉහල දමා ජුනි මාසයේ දී තවත් 11% ට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සැලසුම් කර තිබේ.

දැනටමත් තිරිඟු පිටි ඇතුළු බොහෝ පාරිභෝගික ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ ගොස් ඇත. ජුනි මාසය පමණ වනවිට තවදුරටත් දැරිය නොහැකි මට්ටමේ පීඩනයකට ගොදුරු බවට පත්වනු ඇති මෙරට ජනතාව තම පීඩනය පිට කිරීමට කටයුතු කරනු ඇතැයි විදෙස් බුද්ධි සේවා රජයට අනතුරු අඟවා තිබේ.

-තාරකී ජයමාන්න-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x