May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේන හොරකම රකී !

1 min read

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්, තම ගජ මිතුරු විනිසුරුවරයෙකු වන, අභියාචණාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදි විසින් දිගු කලක තිස්සේ සිදු කරන ලද මූල්‍ය වංචාවක් සාධාරණීකරණය සදහා පියවර ගෙන ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ආශ්‍රිතව ඇති විනිසුරන් සදහා වන නිල නිවාස 8 න්, එක් නිවාසයක, මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන සමයේ සිට ආධිත්‍ය පටබැදි පදිංචි වී සිට තිබේ. නමුත් එම මුළු කාලය තුළම (මේ දක්වා) ඔහු තමන්ගේ වැටුප් සමග කුලී නිවසක වාසය කරන විනිසුරුන්ට පමණක් ලබාදෙන නිවාස දීමනාවද ලබා ගෙන තිබේ.

මෙය අනාවරණය වීමෙන් පසු තම හිතමිතුරු විනිසුරුව අදාල චෝදනාවෙන් බේරාගැනීමට අගවිනිසුරුවරයා සියළු අභියාචනාධිකරණ විනිසුරන්ගෙන් වෙන වෙනම ලිපියක් ලබාගෙන තිබේ. එහි සදහන් කරවා ඇත්තේ, තමන් රජයේ නිල නිවාසයක සිටියද නිවාස කුලී දීමනාව ලබා ගැනීමට එය බාධාවක් නොවන බවටයි.

ගල් අගුරු හොරකම සෙවීම පිණිස ජනාධිපතිවරයා පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසමේ එක් සාමාජිකයෙකු වන්නේද අභියාචණාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැය. මේ සමග දක්වා ඇත්තේ විනිසුරු කණ්ඩායමක් විසින් නිර්නාමිකව ජනාධිපතිවරයා වෙත මේ පිළිබදව සිදු කරන ලද පැමිණිල්ලකි. එහි සදහන්ව ඇත්තේ රු. මිලියන 4 ක් පමණ මෙමගින් ආධිත්‍ය පටබැදි රජයට වංචා කර ලබා ගෙන ඇති බවයි.

ජනප්‍රිය පුවත්  ඇමතිගේ පුතා මත්ද්‍රව්‍ය සමඟ අහු වේ!

-විශේෂ අධිකරණ වාර්තාකරු-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x