April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘කටාර් ප්‍රහාර නතර නොකළොත් සවුත් පාස් වනසනවා’ – ට්‍රම්ප් ඉරානයට කියයි

1 min read

ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වාභාවික වායු නිධිය වන සවුත් පාස් ගෑස් ( South Pars Gas Field) වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව හෝ කටාර් රාජ්‍යය කල්තියා දැන නොසිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඊශ්‍රායලය විසින් එම වායු නිධියට ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා දුටු නමුත් ඒ ගැන ඇමරිකාවට කිසිදු පෙර දැනුමක් නොතිබූ බව ට්‍රම්ප් සඳහන් කර තිබේ.

එම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය කටාර්හි ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානය වන රාස් ලෆාන් ඉන්ඩස්ට්‍රියල් සිටි ( Ras Laffan Industrial City) වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම ප්‍රහාරයෙන් බලශක්ති පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවද තහවුරු කර තිබේ.

මෙම තත්ත්වය මත, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් Truth Social හරහා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, කටාර් රාජ්‍යය වෙත එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් සවුත් පාස් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, “ඉරානය නැවතත් මෙවන් ප්‍රහාරයක් සිදුකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය, අවශ්‍ය නම් ඊශ්‍රායලයේ සහාය ඇතිව හෝ නැතිව, ඉරානය මෙතෙක් දැක නොමැති ශක්තියකින් ප්‍රතිචාර දක්වනු ඇත” යනුවෙනි.

South Pars Gas Field යනු ඉරානය හා කටාර් අතර මුහුදු සීමාවේ පිහිටි ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන අතර, එය ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලකේ.

ජනප්‍රිය පුවත්  NDB හොරකමත් මාලිමාවන්ගෙ!

විශේෂඥයන් අනාවරණය කරන්නේ, මෙම වායු නිධියට හෝ කටාර්හි LNG පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල වුවහොත්, ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ලවීමත් සමඟ විශාල බලශක්ති අර්බුදයක් උද්ගතවීමේ අවදානමක් පවතින බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x