මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතිනවා – කාදිනල් හිමි
1 min read
මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ශික මංගල්‍යට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්‍රමවේදයක් දක්නට ලැබෙන බවත් එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවය.
එමෙන්ම පවුල යනු සමාජයේ කුඩාම ඒකකය වන බවත් පෙන්වා දුන් කාදිනල් හිමියන් පැවසුවේ පවුල ශක්තිමත් නම් සමාජයද ශක්තිමත් වන බවත්ය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
