March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ධම්මිකගෙන් හාල් මෝලක්!

1 min read

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් දේශිය සහල් මිලදී ගැනීම පිණිස මහා පරිමාණ සහල් ”මෝලක්” පිහිටුවීමට තීරණය කර තිබේ. ”හිරු” නමින් නම් කර ඇති එම සහල් නිෂ්පාදනාගාරය නුදුරේදීම ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

මෙම පුවත කණ වැකීමත් සමඟ, මෙරට ප්‍රමුඛ සහල් නිෂ්පාදකයා වූ ඩඩ්ලි සිරිසේන ”රෝල්ස් රොයිස්” වර්ගයේ අධි – සුඛෝපභෝගී හා මිල අධික වාහනය සිය පෞද්ගලික පාවිච්චිය සඳහා ගෙන ”ධම්මිකගේ අභියෝගය තමන් බාරගන්නා” බව සංකේතාත්මකව ප්‍රකාශ කර තිබේ. ”නිපුන” සහල් හිමිකරු ද තම සේවකයන් 40කගේ පෞද්ගලික පාවිච්චිය සඳහා කාර් රථ 40ක් පිරිනමා තිබේ. එමගින් ඔහු ද සංකේතාත්මකව පෙන්වා ඇත්තේ නව ව්‍යාපාරික තර්ජනයට මුහුණ දීමට තමාගේ ඇති සූදානමයි.

ධම්මික පෙරේරාට වත්මන් පාලනය මගින් ‘‘ෆුට්සිටි“ 100ක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඒ සඳහා ඇතැම් ස.තො.ස. අළෙවි සැල් ද ඔහු වෙත ලබාදීමට නියමිතව ඇත. පසුගිය දා ඔහු හරිස්චන්ද්‍ර කුළු බඩු සමාගම ද මිලදී ගැනීමට කටයුතු කරන ලදී.

ජනාධිපතිවරයා සහ ධම්මික පෙරේරා අතර ඇත්තේ සමීප මිත්‍රත්වයකි. ජනාධිපතිවරයා සතු මුදල් ව්‍යාපාර කටයුතු සදහා අයෝජනය කිරීමට ඔහු විසින් තෝරාගෙන ඇති ව්‍යාපාරිකයන් දෙදෙනා වන්නේ ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාරය.

ජනප්‍රිය පුවත්  underground කිව්වා හරි !නිලුපුලීටත් ප‍්‍රමෝෂන්!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x