සංගක්කාරගේ ගන්දස්සාරය
1 min read
පඩික්කම ඕනෙ කෙළ ගැසීමට ය. කිසිවකු පළතුරු බීම නිමවා පඩික්කමට දා පානය කරන්නේ නැත. පඩික්කම උවමනා වන්නේ එයට අදාළ වැඩේ කරගැනීමට ය.
පහන උවමනාවන්නේ කළුවර වූ විට ය. දවල් කාලයට පහන පත්තු කරන වුන් කුමන දිග්බාගයකවත් ඇත්තේ නැත. එබැවින් දවල් කාලයේ දී පහන තියෙන්නේ මුල්ලක ය. රෑට විතරක් එය පත්තු කළ පසු එළිය විහිදුවන්නට සුදුසුම තැන තබන්නේ ය.
පුද්ගල “චරිත” ද එසේ විය යුතුය. එකි නෙක පුද්ගලයෝ එක් එක් කාර්යයන් හි කැපී පෙනෙන ඇත්තන් විය හැකිය. ඇතැම් අයකු කලාවට දක්ෂය; තවත් අයකු ක්‍රීඩවට දක්ෂය; තවත් අය තවත් විවිධ දේට දක්ෂ ය. කිසිවකට විශේෂයෙන් දක්ෂ නැතිවුන්ද නැත්තේ නොවේ. පහන පත්තු කළ විට එළිය විහිදුවන බැවින් අප පහන අදහන්නේ නැත. පඩික්කම ගැන ද කියන්නට ඇත්තේ එයම ය. එහෙත්, විවිධ කලාප තුළ දක්ෂ ඇත්තන් කරේ තබාගෙන යන්නට අපට තිබෙන්නේ පුදුම ගායක් ය. අපට ඇති ඒ “ගායෙන්” සල්ලි හම්බ කරගන්නේ උන් ය.
සංගක්කාර ඒ ගණයට අයිති කදිම නිදසුන ය. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔහු සුපිරි දක්ෂයෙකි. ඒ ගැන කතා දෙකක් නැත. එලෙසින්ම ඔහු, තමන් කරේ තියාගෙන යන වුන්ට කෙලවන්නට ද උපන් රුසියෙකි. ලෝක කුසලාන අවසන් තරගයක් ඔහු සල්ලි වලට පාවා දුන්නේදැයි දන්නේ ඔහුම ය. එදා වෙනදාට වඩා සිගරට් බිවුවේ ඇයිදැයි දන්නේ ඔහු ය. ඕනෑම වස විසක් තමන් කරේ තියාගෙන යන මිනිසුන්ට කවා පොවා හම්බකරගන්න දන්නේ ඔහු ය. සල්ලි හම්බවෙනවානම් ඕනෑම කසල ගොඩක් වෙනුවෙන් පෙනී සිටින්නට මේ ගන්දස්සාරයට කිසිම අමාරුවක් ඇත්තේම නැත. වාසිය සඳහා තමන්ගේ ආගම මාරු කරන එකෙකුට කාසිය තරම් ලොකු අන් කිසිවක් ඇත්තේ නැත.
ගල් අරක්කු ගහන ගන්දස්සාරයාගේ මේ ඡායාරූපය ද අදාළ වන්නේ ඉහත අප කී දෙයටම ය. සල්ලි හම්බවන්නේනම් ගල් ද පොල් ද වල් ද වැල් ද කියා ප්‍රශ්නයක් ගන්දස්සාරයට නැත. අද හොඳට ගල් ප්‍රවර්ධනය කර හෙට හොඳට විෂ මත්ද්‍රවය නසන්නට අවි අතට ගන්නට හැක්කේත් “වෙනින් කාටවත් නොව” ගන්දස්සාරටම ය.
මුන් හිතන්නේ මුන්ගේ රසිකයෝ උන් වගේම මුදලට අසීමිතව කෑදර නරපණුවන් කියා ය. ඒ නිසා මුන් හිතන්නේ උන්ට මොනවා කැව්වත් පෙව්වත් කමක් නෑ කියා ය. මෙහෙව් ගඳයකුගේ රසිකයකු වීම තරම් තවත් කරුමයක් තිබිය හැකි ද?
දඹුල්ලේ අහිංසකයකුගේ ඉඩම් පවා රවටා කොල්ල කෑව, ලංකාවට ගෙන ආ හැකි “ලෝක කුසලානය” අවසන් තරගයේ දී සල්ලි වලට වික්ක, ආගම පවා වාසියට මාරු කළ මෙබදු ගන්දස්සාරයන්ගෙන් ප්‍රවේශම්වන්නට දැන්වත් අපට හැකි විය යුතු ය. නොහැකිනම් අපට “ප්‍රොපට් ජෙරම්”ලාගේම පිහිට ය !
