July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ICC යෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

1 min read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු කළේය.

නමුත් එම පරිවර්තන කමිටුව පත්කිරීමෙන් අනතුරුව ජුනි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.

ජුලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇත.

එම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන බවය.

ජනප්‍රිය පුවත්  කඩාවැටෙන ලෝකය, බ්ලැක් රොක් අනතුරු ඇඟවීම සහ බලශක්ති-ආහාර අර්බුදයේ කළු සෙවනැලි

කෙසේ නමුත් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x