බොර තෙල් මිල තවත් වැඩිවෙන්න පුළුවන් – ආර්ථික විශ්ලේෂකයින්
1 min read
මැද පෙරදිග යුදමය තත්ත්වය උත්සන්නවීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබේ.
ඒ අනුව,WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80 ක් දක්වාද, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 85 ක් දක්වාද ඊයේ (14 වැනිදා) දිනයේදී ඉහළ ගොස් තිබිණි.
මර්බන් වර්ගයේ බොර තෙල් බැරලයක මිල වූයේ ඩොලර් 80 කි.
යුදමය තත්වය දිගින් දිගටම පැවැතිය හොත් බොර තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියති. මැදපෙරදිග යුදමය තත්ත්වය මත බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 126 ක් දක්වාද, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 111 ක් දක්වාද පසුගිය කාලයේදී ඉහළ ගියේය.නමුත්, නව යුද ගැටුම්වලට පෙර සාම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මකව පැවැති කාලයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 72 ක් දක්වාද, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 ක් දක්වාද අඩුවිය.
