බොරතෙල් මිල 9%කින් ඉහළට..
1 min read
මැදපෙරදිග නැවතත් උද්ගත ව ඇති තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.29කින් හෙවත් 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන් ව ඇත.
එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 6.73කින් හෙවත් 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිලෙහි මෙම වැඩිවීම මිල අප්‍රේල් 2 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම එක්දින වර්ධනය සහ ජූනි 12 වැනිදායින් පසු සටහන් වූ ඉහළම මිල ද වන බව වාර්තා වේ
