July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි.. – මාලිමා මන්ත්‍රී සුරවීර

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

තමන් යටතේ සිටින සිරකරුවන් පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි බවට පවතින චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යයෙන් නැගූ පැනයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ආරක්ෂාව දෙන්න බැරිකමක් වර්තමාන ආණ්ඩුවට නැහැ. සමථයකට පත්වුණු ගැටුමක් නැවත ඇවිළිලා රාජ්‍ය සේවකයින් ගණනාවක් ජීවිතක්ෂයට පත්වීම පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක අපි හොයන්න ඕනෙ.

මොන ක්‍රියාමාර්ගයෙන් හෝ මේ ආණ්ඩුව වෙනස් කරන්න, බලය ලබාගන්න කැමැත්තෙන් පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට එක වෙලාවක උසාවිය කතා කරනවා, එතෙන්ට යන්න වෙනවා.

ඒ නිසා බොහොම ඉක්මනින් මේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ සිද්ධ කරලා ආණ්ඩුව ගෙදර යවන්න කල්පනා කරන ටීම් එකක් ඉන්නවා. ඉතින් එවැනි ටීම් එකක් ඉද්දී සංවිධානාත්මක සිදුවීම් සිද්ධවීම වළක්වන්න බෑ.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x