July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුක්‍රේනයට බරපතළ මිසයිල හිඟයක්

1 min read

රුසියාවෙන් එල්ල කරන බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිගයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.

මේ හේතුවෙන් පසුගිය ඉරිදා දිනයේ රුසියාව විසින් එල්ල කරන ලද බ්ලැස්ටික් මිසයිල 23ක් විනාශ කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර මේ වන විට දැඩි කර ඇති අතර ඉරිදා දිනයේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 15දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

රුසියාව විසින් යුක්‍රේනයට ඉරිදා දිනයේ පමණක් මිසයිල 68ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා 351ක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x