වගකීම් විරහිත අධිකරණ ඇමති නිසා මීගමුව ලේ විලක් වෙයි
1 min read
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 35 දක්වා ඉහළ යා හැකි බව අප වාර්තාකරු අනුමාන කරයි.
දැනටමත් මළ සිරුරු කීපයක් ඉවතට ගත නොහැකිව බන්ධනාගාර පරිශ්‍රය ඇතුලත ඇත.
මේ අතර බන්ධනාගාරය ඇතුළත සහ ඉන් පිටත නැවතත් උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටී.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.
මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි.
අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය.
කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත්තේ ඊයේ පස්වරුවේය.
ඊයේ රාත්‍රියේ තත්වය පාලනය කල බවට දැන්වීමට සහ කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව දැන්වීමට බන්ධනාගාර වැඩ බලන පාලකවරයා අධිකරණ ඇමති හර්ෂණ නානයක්කාර ට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඊට පිලිතුරු දුන් ඔහුගේ සේවකයෙක් පවසා ඇත්තේ ඇමතිතුමා වැදගත් සාකච්ඡාවක දැන් කතා කරන්න අසීරු බවයි.
අප DarkRoom දේශපාලන වාර්තාකරු පවසන පරිදි අධිකරණ ඇමතිවරයා ඊයේ රාත්‍රියේ ආරම්භකල දේශපාලන සාකච්ඡාව අවසන් වී ඇත්තේ අද පාන්දර 2ට පමණය.
ඔහු , උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ඇතුලු පිරිසක් සමග අගවිනිසුරුවරයා ගේ කාලය දිගුකිර්‍රිමේ ක්‍රියාන්විතය ගැන සාකච්ඡාවක නිරත වී සිටි ඇත.
අවසානයේ ඇමතිවරයාගේ මෙම වගකීම් පැහැරහැරීම නිසා මීගමුවේ රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ගනනාවකට ජීවිත අහිමි වී ඇත.
