July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙවන වරටත් විනිසුරු තිළිණ ගමගේ වැඩ තහනමට ලක්කෙරේ ජෙරම් !

1 min read

නීති විරෝධී අලි පැටවකු ලඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේව දෙවන වතාවටත් වැඩ තහනම් කළේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ උවමනාවට අනුව බව අපගේ ගවේෂණ මාධ්‍යවේදීන් අණාවරණය කරගෙන තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ, අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වැළඳගෙන සිටින “බෝර්න් අගේන්” ආගමික නිකායේ එක් ප්‍රධානියකු වන දේවගැති ජෙරම් ප්‍රනාන්දුව දේශන හරහා ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුකරන ලද නියෝගය හේතුකොටගෙන ය.

2023 දෙසැම්බර් 01 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජෙරම් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ, ICCPR පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයාට සාමාන්‍ය ඇප ලබාදීමේ බලයක් නොමැති බව පෙන්වාදෙමින් ය. ඒ හේතුකොටගෙන ඒ අවස්ථාවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්ව සිටි තිළිණ ගමගේ මහතා නියෝග කළේ අදාළ චූදිතයාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

ඉන් අනතුරුව, එම නඩු විභාගය 2023 දෙසැම්බර් 27 වැනිදා නැවත කැඳවන ලද අවස්ථාවේදී ද ජෙරම් ප්‍රනාන්දුව නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී. ජ.වි.පෙ. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව අගවිනිසුරු බවට පත් කිරීමෙන් පසුව, එම ආගමික නිකායේ පලිගැනීමක් ලෙස, ඒ වන විට මොරටුව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්ව සිටි තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කළේය. ඒ, නීති විරෝධී ලෙස අලි පැටවකු ලඟ තබාගැනීම පිළිබඳ චෝදනාව මුල් කරගෙනය.

ජනප්‍රිය පුවත්  ලාල්ගේ ගෙදර පින්කම බුකිය ගිනි තබයි!

මීට පෙර, 2016 දී මෙම චෝදනාව මුල් කරගෙන එවකට කොළඹ මහේස්ත්‍රාත්වරයාව සිටි තිළිණ
ගමගේ මහතාගේ වැඩතහනම් කරන ලදී. පසුව 2021 වසරේ දී මහාධිකරණය විසින් ඔහුව එම අපරාධ චෝදනාවලින් නිදහස් කරනු ලැබුවේය. අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන දෙවන වතාවටත් ඔහුගේ වැඩතහනම් කරනු ලැබුවේ ඔහුගේ විනිසුරු ධූරයේ සාධාරණත්වය සහ විනය පවත්වාගැනීම පිළිබඳව අධිකරණ සේවා කොමිසම විසින් සිදු කරන අභ්‍යන්තර විමර්ශනවලට යටත්ව ය.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSC) වත්මන් සභාපතිවරයා වන්නේ නිල බලයෙන් වත්මන් අගවිනිසුරු, දේවගැති, ප්‍රීති පද්මන් සූරසේනම ය. ඒ අනුව, දේවගැති, අගවිනිසුරු සූරසේනගේ උවමනාව අනුව, මේ වන විට විවිද මට්ටමේ විනිසුරන් 57 කගේ වැඩ තහනම් කර තිබේ. තවත් පිරිසක් අනිවාර්ය විශ්‍රාම ගැන්විම සිදු කර ඇත.

මේ අතර, තිළිණ ගමගේ මහතාට අමතරව, මහියංගණය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ ද, මඩකලපුව හිටපු මහේස්ත්‍රාත් මොහොමඩ් හම්සා ද, වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා ද වේ.

නිවැරදි පෞද්ගලික තොරතුරු වසා දැමීම වැනි චෝදනා මත පුහුණුව ලබමින් සිටි ආධුනික විනිසුරුවන් තිදෙනකුගේම සේවය අවසන් කිරීමට දේවගැති, අගවිනිසුරු, ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කර තිබේ. එහෙත්, ජනාධිපති අනුර කුමාරගේ ලන්ඩනයේ වෙසෙන කල්‍යාණ මිතුරකු වන උවිදු කුරුකුලසූරිය තම මුහුණු පොතේ පසුගියදා සටහන් කර තිබුණේ, ප්‍රීති පද්මන් සූරසේනගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඔහු සේවය කරන ලද හා කරමින් සිටින කිසිදු ස්ථානයක ලිපිගොනුවක සොයාගැනීමට නැති බවය.

ජනප්‍රිය පුවත්  ඇමැති වටගලව උපරිමාධිකරණය ට!

මේ සියල්ල ඔහු විසින් සිදුකර ඇත්තේ අධිකරණය පිරිසිදු කිරීමේ සටන්පාඨය ඉදිරියට දමාගෙනය. එහෙත් මෙහි සැබෑ අරමුණ වී ඇත්තේ ජ.වි.පෙ. ට සම්බන්ධ නව විනිසුරුවන් බඳවාගෙන මෙම පුරප්පාඩු පිරවීම බව අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝමයකගේ මතය වී තිබේ.

පසුගිය දා නවක විනිසුරුවන් තෝරාපත්කර ගැනීමේ විභාගය පැවති අතර, එහි අපේක්ෂකයන් ලබාගත් ලකුණු මට්ටම පළවැනි වතාවට මෙවර ප්‍රසිද්ධියට පත්කර නැත. ඉහළ ලකුණු ලබාගත් අපේක්ෂකයන් වෙනුවට ජ.වි.පෙ න් ලැබුණු ලයිස්තුවක් මත පදනම්ව සම්මුඛ සාකච්ඡාවට තෝරාගත් 35 ක පමණ පිරිසක් ඒ අතුරින් කැඳවා තිබේ. මේ පිරිස අතර අගවිනිසුරුවරයාගේ පුතා ද, එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අගවිනිසුරුවරයාට අමතරව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ පුත්‍රයා ද වේ. එමෙන්ම, අගවිනිසුරුගේ විශ්‍රාම කාලය වසර 2 කින් දිගු කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ මූලිකයා වන උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාසගේ පුත්‍රයා ද ඒ අතර සිටතැයි වාර්තා වේ.

උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවදුරටත් එම තණතුරේ තබාගත යුතුය යන මතයේ සිටින ප්‍රබල ජ.වි.පෙ. අනුගාමිකයෙකි. ඔහු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වන අතර, ප්‍රීති පද්මන් සූරසේනගේ ගජ මිතුරකු ද වේ.

  • ජගත් කුමාර පල්ලෙබැද්ද –
ජනප්‍රිය පුවත්  ත්‍රස්ත ප්‍රහාරයක් ! ආන්දෝලනාත්මක හෙළිදරව්ව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x