July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැරිස් නුවර රෝහල් පිරිලා මත්පැන් විකිණීමත් තහනම් කරයි

1 min read

යුරෝපයට බලපා තිබෙන දරුණු ඌෂ්ණාධික කාලගුණය, ඒ කියන්නේ Heat wave එක හින්දා මේ වෙනකොට ස්පාඤ්ඤයේ විතරක් මිනිස්සු 212 කට වඩා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය කොච්චර දරුණුද කියනවා නම්, පැරිස් නුවර මත්පැන් විකිණීම පවා තාවකාලිකව සීමා කරන්න ප්‍රංශ බලධාරීන් පියවර අරන් තියෙනවා.


සීග්‍රයෙන් රෝහල්ගත වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා Healthcare workers ලා දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්නවා. ඒ වගේම ඌෂ්ණයෙන් බේරෙන්න ගංගා සහ වැව් වල නාන්න ගිය පුද්ගලයින් 55 දෙනෙක් විතර දියේ ගිලිලා මියගිහින් තියෙනවා. ප්‍රංශයේ සමහර පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 සිට 41 දක්වා ඉහළ ගොස් ඇති අතර, වාහන ඇතුළේ හිරවීමෙන් කුඩා දරුවන් 4 දෙනෙක් පවා ජීවිතක්ෂයට පත්වුණා.


ස්පාඤ්ඤයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 110 ඉක්මවා ගොස් ඇති අතර මෙය 1950 අවුරුද්දෙන් පස්සේ වාර්තා වුණු ඉහළම උෂ්ණත්වයයි. මියගිය අයගෙන් බහුතරයක් වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් වන අතර, ඔවුන්ගේ සිරුරුවල ලේ ගමනාගමනය දුර්වල වීම නිසා ශරීරය සිසිල් කරගැනීමේ හැකියාව අඩුවීම මේකට හේතුවයි.

ජනප්‍රිය පුවත්  ඩුබායි සුද්දා අත්අඩංගුවට


බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය, ඉතාලිය වැනි රටවලටත් මේ බලපෑම තදින්ම දැනෙනවා. විද්‍යාඥයන් පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන Global warming හෙවත් ගෝලීය උණුසුම මේ ව්‍යසනයට ප්‍රධාන හේතුව බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x