July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව විනිසුරු බඳවා ගැනීමත් පුනරුද ක්‍රමයට !

1 min read

අධිකරණය සඳහා නව විනිසුරන් බඳවාගැනීමේ ගැසට් නිවේදනය, අගවිනිසුරුවරයාගේ හා ඔහුගේ හිතමිත්‍ර විනිසුරු ගිහාන් කුලතුංගගේ පුතුන් දෙදෙනාට විනිසුරන් බවට පත්වීම සඳහා වාසි සැලසෙන අන්දමින් සකස් කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර, විනිසුරන් ලෙස බඳවාගැනීමේ විභාගයට ඉල්ලුම් කිරීමේ කොන්දේසි අතර, නීතිඥයකු ලෙස වසර 4 ක් කටයුතු කර තිබීම අවශ්‍යව තිබිණි. මෙවර එම කාලය වසර 3 දක්වා අඩුකර තිබේ. එමෙන්ම අතිරේක සුදුසුකමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ පර්යේෂණ නිලධාරියකු (Research Officer) සිට තිබේනම් අතිරේක ලකුණු ප්‍රමාණයක් හිමිවන බව එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.

මෙම විශේෂිත වෙනස්කම්, සිදුකර ඇත්තේ, අගවිනිසුරුවරයාගේ පුතාට සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ පුතාට වාසි සැලසෙන පරිදිය. ගිහාන් කුලතුංගගේ පුතා අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ පර්යේෂණ නිලධාරියකු ලෙස ක්‍රියා කරන අතර, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ පුතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ පර්යේෂණ නිලධාරියකු ලෙස ක්‍රියාකරයි. එම නව සුදුසුකම ගැසට් නිවේදනයට ඇතුලත් කර ඇත්තේ මේ දෙදෙනාගේ දරුවන් විනිසුරන් බවට පත් කරගැනීම පහසු වන පිණිස ය.

ජනප්‍රිය පුවත්  රටම ඉවරයි! පලස්තීන සරණාගතයන් ලංකාවට!

මීට අමතරව, මෙම විනිසුරන් තේරීමේ විභාගයට සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී විජේරත්නගේ පුතා ද ඉදිරිපත්ව ඇත. විභාගය පවත්වා අවසන්ව ඇතත්, ඉහල ලකුණු ලබාගත් සිසු සිසුවියන් බොහොමයකට සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවා නැතැයි පැවසේ. එය ද සිදු කෙරෙන්නේ, එකී පුද්ගලයන්ගේ දේශපාලන මතය ද සැලකිල්ලට ගෙන බව අධිකරණ සේවා කොමිෂමේ ආරංචි මාර්ග පවසයි.

  • ගයාන් පෙරේරා –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x