විපක්ෂයේ නායකයින් රැසක් මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැ දකී! රටේ තත්වය ගැන කරුණු කියයි!
1 min read
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුළු ත්‍රිවිද හමුදා සාමාජිකයන් අභූත චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව හා විපක්ෂයේ දේශපාලන නායකයෝ විවිධ අභූත චෝදනා යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීම පිළිබඳව කරුණු කීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් රැසක් ඊයේ (11) මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක තිබේ.
එහිදී මෙම කරුණු ඉදිරිපත් කරන ලද අදාළ පක්ෂ නායකයින් ආණ්ඩුව ගමන් කරමින් ඇත්තේ ව්‍යවස්ථානුකූල ඒකාධිපති මාවතක බවත්, තනි පක්ෂ පාලනක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම ආණ්ඩුවේ විශකුරු අරමුණ වී තිබෙන බවත් පෙන්වා දී තිබේ.
එමෙන්ම, සිවිල් සහ දේශපාලන ගිවිසුම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීය (ICCPR) පනත යටතේ අභූත චෝදනා ඉදිරිපත් කර උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ උපදෙස් මත රහස් පොලීසිය සූදානම්ව සිටින බවත්, මෙබදු පනත් යොදා ගනිමින් විපක්ෂය දඩයම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බිඳ වැට්ටවීමට හේතු වන බවත් මෙම විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් මහනාහිමිවරුන් හමුවේ පෙන්වා දී ඇත.
මෙම අවස්ථාවට විමල් වීරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්, ජානක වක්කුඹුර, සූජීව සේනසිංහ, ප්‍රේමනාත් සී දොලවත්ත, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් සහභාගී වී තිබේ.




ප්‍රමිත වීරසූරිය underground වාර්තාකරු