වසන්ත සමරසිංහගේ නඩුව ඇසූ ගල්කිස්ස මහේස්ත්‍රාත්ට මාරු වීමක් !
1 min read
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ ලිපිගොනු අවසන්වීමටත් පෙර නීතිපතිවරයා වෙත යැවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා කාර්යාලයේ නිලධාරින්ට තරවටු කර තිබේ.
ජාතික කම්කරු ආයතනය ලෙස හැඳින්වෙන භාරයකට අයත් ගොඩනැගිල්ලක් රු. මිලියන 3.6 කට වංචනික ලෙස බදු දී ඇතැයි කියන මෙම නඩුවට අදාළ සිද්ධියේ වෘත්තීය ජාතික කම්කරු කොංග්‍රසයේ නිලධාරීන් ලෙස පෙනී සිටි බවට සමරසිංහ අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත.
ලිපි ගොනුව නීතිපතිවරයා වෙත යැවීමට ඇති හදිසිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය කොළඹ වංචා කාර්යාලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළාය. අසම්පූර්ණ ගොනුව යැවීම නඩුව ප්‍රමාද වීමට හේතු විය හැකි බව ද ඇය මෙහිදී පෙන්වා දෙන ලදී.
එබැවින්, විමර්ශනය අවසන් කිරීමෙන් පසු නීතිපතිවරයාගෙන් උපදෙසක් ඉල්ලා සිටින ලෙස ඇය කොළඹ වංචා කාර්යාලය වෙත නියෝග කළාය.
සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වැදිදුර වාර්තාවක් හරහා පොලිසිය පසුගිය සිකුරාදා අධිකරණයට වාර්තා කළේය. ඒ අනුව, අගෝස්තු 21 දා, වංචා කාර්යාංශ පරිශ්‍රයේ දී අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මීට පෙර, අගෝස්තු 14 වැනි දා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් හා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ්ඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, විමර්ශනය ප්‍රමාද කිරීමේ අරමුණින් උපදෙස් සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට චෝදනා කළේය. නීත්‍යානුකූල නිලධාරින් පත්කර සිටියදී ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ගොඩනැගිල්ල බදු දීම අපරාධයක් බවද ඔහු අවධාරණය කළේය.
සමරසිංහ හා අනෙකුත් අය නඩුවේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශවය කළ ඉල්ලීම මත මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා ඒ පිළිබඳ නියෝගයක් ලබා දීම සැප්තැම්බර් 26 වැනිදා දක්වා කල් දැමුවේය. කෙසේ වෙතත්, එම තීරණාත්මක දිනයට පෙර අරුම පුදුම දෙයක් සිදු වෙමින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හදිසියේම කැස්බෑව මහේස්ත්‍රාත් උසාවියට මාරු කරන ලදී. අධිකරණයේ පුනරුදය දෝරෙ ගලන්නේ එපරිද්දෙන් ය!