රනිල්ට ඇප ලැබේද? නොලැබේද? තවම තීරණයක් නැත
1 min read
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා දීම පිළිබඳව තීරණය ලබාදීමට පැය භාගයක කාලයක් උසාවිය කල් දැමූ මහෙස්ත්‍රාත්වරිය, ඉන්පසුව මේ දක්වා (දැනට පැය 4කට වඩා කාලයක් ගතවී ඇත.) ඒ පිළිබඳව තීරණය ලබාදීම සිදුකර නැත. ඒ වෙනුවට ඇය තම කාර්යාලය තුළට ගොස් ඇති අතර, අග්‍රවිනිශ්‍යකාරවරයාගෙන් මෙන්ම තවත් බාලධාරීන් කිහිප දෙනෙකුගේ දැඩි පීඩනයට ඇය ලක්ව ඇති බව ආරංචි මාර්ග පෙන්වා දේ.
සාමාන්‍යයෙන් ඇප පිළිබඳ තීරණය උසාවි අසුණෙන් නැගිට ගොස් උසාවිය කල් තබා ලබාදෙන තීරණයක් නොව, ඒ මොහොතේම ලබාදෙන තීරණයකි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් දැන් රාත්‍රී 9 පසුව ගොස් තිබුණද එම තීන්දුව මෙතෙක් ලබාදී නැත. මේ අතරතුර කාලයේ උසාවියේ විදුලිය බිඳ වැටීමක් ද සිදුව තිබේ.
විධායක ජනාධිපතිවරයකුගේ මුක්තියට නොවැටෙන්නේ ”මානව හිමිකම්” පිළිබඳ විෂයට අයත් කාරණා පමණි. ඒ හැර අන් කිසිදු කරුණක් පිළිබඳව ඔහු ධුරයේ සිටිය කාලය තුළ සිදු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ හැකි නොවේ. එසේ තිබියදී මුක්තිය යටතට ගැනෙන කාරනයක් පදනම් කොට ගෙන සිදුකෙරෙන මේ ක්‍රියාදාමය සමස්ත අධිකරණ පද්ධතියේම බලවත් කම්පණයට හේතු වී තිබේ.
උසාවිය අල්ලේ නටවමින් සිදු කරන මේ අගතිගාමී හා නීතියට පටහැනි මෙහෙයුම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මුනිවත රැකීම පිළිබඳව බොහෝ නීතිඥයන් තද බල ලෙස විවේචනය කරමින් සිටින බවද දැන ගැනීමට ඇත.
lankaundergroundnews විශේෂ අධිකරණ වාර්තාකරු