October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

චීන තානාපතිගෙන් ආණ්ඩුවට සංඥාවක්!

1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසින් නික්ම තංගල්ලේ කාල්ටන් නිවසට යාමට පෙර, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හිටපු ජනාධිපතිවරයා මුණ ගැසී දීර්ඝ වේලාවක් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. එහිදී සාකච්ඡා කරන ලද කරුණු අනාවරණය වී නැති නමුත්, එමගින් චීන තානාපතිවරයා ආණ්ඩුවට දෙන ලද්දේ එතරම් යහපත් සංඥාවක් නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන අන්දමට, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසු ප්‍රසිද්ධියට පත් නොවුණ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැණ ගැසීමට ද චීන තානාපතිවරයා කටයුතු කර ඇත.

මීට අමතරව අද (12) පෙරවරුවේ එම තානාපතිවරයා VII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී හමුව තිබේ. ශ්‍රී ලංකාවේ සහ කලාපීය දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, විපක්ෂයේ ප්‍රබල දේශපාලන චරිත මෙසේ හමුවීමට පියවර ගැනීම මගින් චීන තානාපතිවරයා ආණ්ඩුවට දන්වන්නේ, ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ තම අප්‍රසාදය බවයි. පසුගියදා චීනයේ පැවති ෂැංහයි කෝපරේෂන් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවකු සහභාගී නොවීමත්, එසේ සහභාගී නොවීමට හේතු පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශකවරයා සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳවත් චීනයේ බලවත් කණස්සල්ල පල වී තිබේ. එම සමුළුවට සහභාගීවීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ ඉදිරියේදී ඇමෙරිකා එක්සත් ජනපදයේත්, ජපානයේත් යෑමට සිදුව තිබෙන බැවින් ජනාධිපතිවරයාට මෙ අවස්ථාවේදී මෙම සමුළුවට සහභාගීවීමට හැකියාවක් නොවූ බවයි. එම හේතු පැහැදිලි කිරීම චීනයේ ගෞරවය කෙළෙසා දැමීමක් වශයෙන් සළකන බව බීජිං ආරංචි මාර්ග අප වෙත දන්වා සිටී.

underground ජාත්‍යන්තර වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x