අමාත්‍යංශ ලේකම්වරු රොත්තක් ඉල්ලා අස්වෙන්නට යයි!
1 min read
අමාත්‍යාංශ 10කට වැඩි සංඛ්‍යාවක අමාත්‍යාංශ ලේකම් තනතුරු හොබවන අමාත්‍යාංශ ලේකම්වරු 10කට වැඩි සංඛ්‍යාවක්, 2026 අය – වැය යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එම තනතුරු වෙතින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයකු අප හා පවසා සිටියේ, අමාත්‍යවරු වෙතින් එල්ල වි තිබෙන පීඩාකාරී බලපෑම හේතුකොට ගෙන මෙම නිලධාරීන් අදාළ තීරණයට එළඹ ඇති බවයි.
”මේ අමාත්‍යවරු බොහෝමයකට රාජ්‍ය පරිපාලනය ගැන කිසිදු අවබෝධයක් නෑ. ඒ අය කරන ඉල්ලීම් නීතියට අනුව ඉටු කරන්න බෑ. ඒ වගේම යමක් කිව්වට මේ අය පිළිගන්නෙත් නෑ. එබදු තත්වයක් යටතේ නිලධාරීන් ඔවුන් කියන ඒවා කළොත් අනාගතයේදී හිරේ යන්න සිදු වෙනවා. ඒකට කවුද කැමති? මේ නිසා තමයි අමාත්‍යාංශ ලේකම් තනතුරු වෙතින් ඉල්ලා අස්වීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ. හැබැයි ඔවුන් රාජ්‍ය පරිපාලන සේවයෙන් ඉවත් වන්නේ නෑ” යනුවෙන් පැවසූ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා බොහෝ රාජ්‍ය නිලධාරීන් සිටින්නේ බරපතළ කළකිරීමකට ලක්ව බව ද පෙන්වා දුන්නේ ය.
රවිඳු සමරසිංහ underground වාර්තාකරු