July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අත්‍යවශ්‍ය ඖෂධ 60 ක උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට සැලසුමක්

1 min read

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑම සලකා බැලීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ඖෂධ 60 ක උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සැලසුම් කර ඇති බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත.

ඒ අනුව ඔහු කියා ඇත්තේ දේශීය වෙළඳපොලේ අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යාම ඖෂධ ආනයනය කිරීමේ පිරිවැයට බලපෑම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි.

එසේම මෙම සංශෝධනය හේතුවෙන් පාලිත මිලකරණ යාන්ත්‍රණය යටතේ ඇතුළත් සමහර ඖෂධවල මිල ඉහළ යා හැකි බවත් ඔහු පවසයි.

එබැවින් අත්‍යවශ්‍ය ඖෂධ 60ක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් 2023 දී නිකුත් කරන ලද ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.

මේ අතර, අනුමත උපරිම සිල්ලර මිලට වඩා ඖෂධ අලෙවි කරන ඔසුසල් ඉලක්ක කර ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් අඛණ්ඩව පරීක්ෂණ සහ වැටලීම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x