April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සලේ හඬා වැටේ!

1 min read

CID බාරේ රඳවා තබා‍ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල්, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා හමුවීමට නීතිඥ උදය ගම්මන්පිල ගිය අවස්ථාවේ දී මේජර් ජනරාල්වරයා හඬ වැටී ඇතැයි වාර්තා වේ.

‘‘අපේ මුත්තා මේ රටට ආවේ යුද්ධ කරන්න. අපේ සීයත් හමුදාවෙ. තාත්තත් හමුදාවේ. අපේ අම්මට කොල්ලෝ තුනයි. අපි තුන්දෙනාම හමුදාවෙ. අවුරුදු 30කට වැඩි කාලයක් අපි හමුදාවට සේවය කළා. ඒ මුළු කාලෙම ගෙදර ගැන නොවෙයි හිතුවේ රට ගැන. මගේ අම්මා කතෝලික. මම කැපවුණේ මේ සිංහල බෞද්ධයන්ගේ රට ආරක්ෂා කරන්න. එහෙව් අපට මෙහෙම කරනකොට සිංහල බෞද්ධය තරම් කෙළෙහිගුණයක් නැති ජාතියක් තවත් ඉන්නව ද?“ යනුවෙන් පවසමින් ඔහු හඬා වැටී තිබේ.

විශ්‍රාමික මේජර් ජනරාල් සලේගේ වැඩිමහල් දියණිය විභාගයට ලියමින් සිටින බවත්, ඇය පාඩම් නොකරන බවත්, ඇගේ මව ඒ නිසා ඉන්නේ තවත් දුකෙන් බවත්, ඔහු එහිදී පවසා තිබේ.

‘‘හිටපු ත්‍රස්තවාදියෙක් රට පැනලා ඌට දේශපාලන රැකවරණ ගන්න කළ ප්‍රකාශයක් අල්ලන් ඇයි මේ රට වෙනුවෙන් මෙච්චර කැපවුණු අපෙන් පලිගන්නේ?“ යනුවෙන් ද ඔහු එහිදී විමසා තිබේ.

ජනප්‍රිය පුවත්  මහින්ද ඝාතන මෙහෙයුමක් !

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තව දුරටත් පවසා ඇත්තේ ‘‘රෑට නින්ද යනකොටම කැරපොත්තො, මීයො ඇඟ පුරා දුවනවා මම ඒ නිසා ඇහැරගෙන ඉන්නෙ. අන්තිම අපිරිසිදු හිර කුටියක් ඒකට අල්ලලා තියෙන්නේ ජරා ගඳ ගහන වැසිකිළියක්. කෙහෙල් බද්දර පද්මෙ කියන කෙනා ඉන්නේ මම ඉන්න හිර කූඩුවට ටිකක් එහායින්. අන්තිමට අපිව වැටුනෙත් ඒ ගානට. යනුවෙනි.

ඒ අසල සිටි රහස් පොලීස් නිලධාරියකු මෙහිදී පවසා ඇත්තේ සලේ මහතා කෑම කන්නේ නැති බවයි.

මෙහිදී නීතිඥ උදය ගම්මන්පිල ඔහුගෙන් ආහාර ලබා ගන්නා මෙන් ඉල්ලා තිබේ.

‘මගේ නෝනට මාව බලන්න එන්න පුළුවන් සතියට එක දවසයි. එයාව පුදුම විදිහට රස්තියාදු කරවනවා. මම ඒ නිසා එයාට ආයේ එන්න එපා කිව්වා.“ යනුවෙන් ද මෙහිදී සලේ මහතා ප්‍රකාශ කර තිබේ.

‘‘මම වරදක් කරලා තියෙනවා නම් ඇයි උසාවියට දාලා සාමාන්‍ය නීතිය විදියට වැඩ නොකරන්නේ? ඇයි අපෙන් මෙහෙම පලිගන්නේ?“ යනුවෙන්ද ඔහු එහිදී විමසා තිබේ.

ජානක එදිරිමාන්න‍

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x