March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලි බිල වැඩි කරනවා නෙවෙයි! විදුලි පිරිවැය ආවරණය කරනවා විතරයි!

1 min read

විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහ ජනතාව කලබල නොවිය යුතු බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කරයි.

මාධ්‍ය විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ විදුලිය නිෂ්පාදනය සඳහා යන පිරිවැය ආවරණය කර ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් පවතින බවයි.

විශේෂයෙන්ම ආගමික ස්ථාන වැනි අංශ සඳහා විදුලිය ලබා දෙන්නේ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලකට බව පෙන්වා දුන් ඒ මහතා, සමස්තයක් ලෙස නිෂ්පාදන පිරිවැය ගණනය කර විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන දත්ත මහජන උපයෝගිතා කොමිසම මගින් නිරීක්ෂණය කරන බව සඳහන් කරයි.

ඒ අනුව නිෂ්පාදන පිරිවැය වැඩි වන විට ගාස්තු වැඩි වීමටත්, පිරිවැය අඩු වන විට ගාස්තු අඩු වීමටත් ඉඩ ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිල යාන්ත්‍රණයෙන් නිවේදනයක් නිකුත් වන තෙක් බාහිර ප්‍රචාරයන් පිළිබඳ කලබල නොවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

විදුලි බිල අඩු කරන බවට මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදුලි බිල අඩු කිරීම වසර තුනක පමණ කාලයක් පුරා ක්‍රමිකව සිදු කරන්නක් බවයි.

ජනප්‍රිය පුවත්  ප්‍රමිෂ්කා සනසන්න රනිල්ව ඇතුළට දැම්මද?

එය කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නවාක් මෙන් එකවරම කළ හැක්කක් නොවන බවත්, විදුලි බිල ස්ථාවර කර අඩු කිරීමට නම් නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ ක්‍රමික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

දැනට පවතින උත්පාදන සංයුතියේ සිදුවන වෙනස්කම් මත පදනම්ව විදුලි මිලෙහි තාවකාලික විචලනයන් සිදු විය හැකි වුවද, රජයේ දිගුකාලීන අරමුණ වන්නේ විදුලි බිල අඩු කිරීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම බව අනිල් ජයන්ත වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x