බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට!
1 min read
වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ පොල්තෙල් මිල පහළ යාම යන කරුණු ද්විත්වයම සැලකිල්ලට ගනිමින් ආපනශාලා ආහාර මිල ගණන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
බත් සහ වෑංජන (Rice and Curry), ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 20 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාමට සාපේක්ෂව කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් අඩු කරන බවයි එම සංගමය පවසන්නේ.
මෙම මිල සංශෝධනයන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනවා.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
