පාස්කු ප්‍රහාරයෙ ” මහ මොළකරු” ප්‍රබන්ධය උඩු යටිකුරු වෙයි…!
1 min read
අවස්ථාවාදී දේශපාලන බංකොලොත් කාරයො, කාදිනල්, ගොඩ පෙරකදෝරු මාධ්‍යකාරයො, බුකියෙ ජෙනරාල් සලේව එල්ලපු උන් ඔක්කොම ලෙෆ්ට්…
2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන “මහමොළකරු” සහ මතවාදී නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි (Mohamed Ibrahim Mohamed Naufer) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති පාපොච්චාරණය, ඔහු විසින් කිසිදු බලපෑමකින් තොරව ස්වේච්ඡාවෙන් (Voluntarily) ලබා දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයෙ නිල වශයෙන් තීන්දු කරලා තියෙනවා..
ලංකාවේ සමහර උන්ට හැම මළ මිනියක්ම දේශපාලන ප්‍රොපගැන්ඩා එකක් විතරයි…
හැබැයි අන්න ඒ නරි නාටක අස්සේ, මුළු රටක්ම ලේ විලක් කරපු පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයෙන් හැමෝටම මඟඇරුණු, හැබැයි දැනගත යුතුම තීරණාත්මක හැරවුමක් ඊයෙ සිද්ධ වෙලා තියෙනවා.
ඒ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන “මහමොළකරු” සහ සහරාන්ලාගේ අන්තවාදී ඔල්මොරොන්දම් මතවාදයේ න්‍යායාචාර්යවරයා වෙච්ච නවුෆර් මවුලවි CID එකට දීපු පාපොච්චාරණය අධිකරණය විසින් පිලිගැනීම..
2019 නොවැම්බර් 11 වනදා සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා ඉදිරියේ ලබා දුන් මෙම ප්‍රකාශය, කිසිදු බලපෑමකින් තොරව සිය කැමැත්තෙන්ම ලබා දුන් එකක් බවට වෝයර් ඩයර් (Voir Dire) සත්‍යතා පරීක්ෂණයකින් පසු අධිකරණය තීන්දු කරා..
නවුෆර් මවුලවිට අමතරව සාදික් අබ්දුල්ලා, කලීබ් සමීර් සහ රමීෂ් සාජිත් යන විත්තිකරුවන් ලබා දුන් පාපොච්චාරණ ද ස්වේච්ඡාවෙන් ලබා දුන් ඒවා බව අධිකරණය විසින් තහවුරු කරලා..
මෙහි ඇති වැදගත්කම මේ කිසිදු සාක්ෂියක ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් චෝදනාවක් නොමැති වීමයි…
මෙම පාපොච්චාරණය මඟින් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම් කළ ආකාරය සහ ඊට සෘජුවම සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරලා තියෙනවා..
අධිකරණය මෙම ප්‍රකාශය පිළිගැනීමත් සමඟ, මෙම නඩුවේ සඳහන් සෙසු විත්තිකරුවන්ට එරෙහිවද මෙය ප්‍රබල නීතිමය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවස්ථාව හිමි වෙනවා..
🔴 කවුද මේ නවුෆර් මවුලවි..?
නවුෆර් මවුලවි (Mohamed Ibrahim Mohamed Naufer) යනු 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන “මහමොළකරු” (Mastermind) සහ න්‍යායාචාර්යවරයා ලෙස ශ්‍රී ලංකා බුද්ධි අංශ සහ ඇමරිකාවේ FBI ආයතනය විසින් නිල වශයෙන් හඳුනාගෙන ඇති පුද්ගලයා..
ලංකාවට මුලින්ම ISIS ත්‍රස්තවාදී මතවාදය හඳුන්වා දීමටත්, තරුණයන් ඒ සඳහා පුහුණු කිරීමටත් මූලික වූයේ මොහුය. (ඇමරිකාවේ FBI ආයතනය පවා මොහු ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි).
ශ්‍රී ලංකාවට මුලින්ම ISIS ත්‍රස්තවාදී මතවාදය හඳුන්වා දීමටත්, තරුණයන් ඒ සඳහා බ්‍රේන්වොෂ් (Brainwash) කර පුහුණු කඳවුරු මෙහෙයවීමටත් ඔහු මූලික විය.
වසර 19 කට ආසන්න කාලයක් කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටි ඔහු, විවිධ විදේශීය අන්තවාදී කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත කල්ලිය සම්බන්ධීකරණය කළ පාලම ලෙස ක්‍රියා කර ඇත.
🔴 ඔහුගෙ පාපොච්ඡාරණයෙ ඇති වැදගත්ම කොටස මෙයයි…(pp. 28-29):
◼️ 2019 මාර්තු මාසයේදී සිරියාවේ බාගුස්හිදී ඇමරිකාවේ ප්‍රමුඛත්වයෙන් යුතු හමුදා සුදු පොස්පරස් පතොරම් භාවිත කර ISIS සටන්කරුවන් 3,000ක් පමණ මරා දැමීමට පළිගැනීමක් ලෙස සහ ප්‍රහාරයට පෙර ISIS මාධ්‍ය මගින් ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරන ලෙස කළ නියෝගය නිසා (p. 29).
◼️ ISIS සංවිධානය චීන අවශ්‍යතාවලට පහර දෙන ලෙස උපදෙස් දී තිබූ අතර, ෂැංග්‍රිලා හෝටල් ජාලයේ මූලස්ථානය හොංකොං (චීනය) හි පිහිටා තිබීම නිසා (p. 29).
◼️. අනෙකුත් හෝටල්: විදේශිකයන්, විශේෂයෙන් ඇමරිකානුවන් සහ යුරෝපීයයන් නිතර ගැවසෙන ස්ථාන වූ නිසා (pp. 12, 29).
◼️ . බුදු පිළිම විනාශ කිරීම සහ පුත්තලම පුහුණු කඳවුරේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තමා සොයමින් සිටි බැවින්, අත්අඩංගුවට පත්වීමට වඩා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම හොඳ යැයි සහ්රාන් තීරණය කිරීම (p. 29).
◼️ ලෝකය පුරා සිටින ජනතාවට ඇමරිකාව කෙරෙහි ISIS සංවිධානය තුළ ඇති දැඩි වෛරය ප්‍රදර්ශනය කිරීම (p. 30).
මේ පාපොච්ඡාරණයෙ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම හෝ ජෙනරාල් මලේ සම්බන්ධයෙන් සිදුවීම් කිසිවක් නැත…
🔴 මෙම පාපොච්චාරණය අධිකරණය ප්‍රතික්ෂේප කළේ නම් ජාත්‍යන්තරව අපට සිදුවන බරපතළ හානිය කුමක්ද?
◼️ පාස්කු ප්‍රහාරය විමර්ශනයට ඇමරිකාවේ FBI සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සෘජුවම දායක විය. ලංකාවේ අධිකරණය හමුවේ මෙම සාක්ෂි බිඳ වැටුණේ නම්, ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්‍රමවේදය ජාත්‍යන්තර ප්‍රමිතියට නැති බවට ලෝකය පුරා මතයක් ඇති වීමට ඉඩ තිබුණි.
◼️ සාමාන්‍යයෙන් පාපොච්චාරණයක් ප්‍රතික්ෂේප වන්නේ සැකකරුට වධහිංසා පමුණුවා කටඋත්තර ගත් බව ඔප්පු වුවහොත්ය. එවැන්නක් සිදු වූයේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා තවත් දැඩි වනු ඇත.
◼️ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 කට වැඩි පිරිසක් මිය ගිය අතර ලංකාවේ අධිකරණය තුළින් ප්‍රධාන සැකකරුවන්ට නිසි ලෙස දඬුවම් දීමට අපොහොසත් වන බව පෙනී ගියේ නම්, වින්දිතයන් අයිති විදේශීය රටවල් (උදා: ඇමරිකාව, බ්‍රිතාන්‍යය) තම රටවල අධිකරණ හරහා මෙම ත්‍රස්තයන්ට එරෙහිව නඩු පැවරීමට (Universal Jurisdiction) කටයුතු කරනු ඇත.
මහාධිකරණය විසින් මෙම පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් වලංගු සාක්ෂියක් ලෙස පිළිගැනීම නිසා, ශ්‍රී ලංකාවට ඉහත කී ජාත්‍යන්තර ගැටළුවලින් මිදී, ස්වෛරී සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළින්ම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ මාවත විවෘත වී ඇත.
පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන්න ඇමරිකාවේ FBI එකයි, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියයි (AFP) කෙලින්ම මැදිහත් වුණා.
ලංකාවේ උසාවියෙන් මේ සාක්ෂිය බිඳ වැටුණා නම්, ලෝකය ඉස්සරහා ලංකාවේ CID එකයි පොලිසියයි සවුත්තු වෙන්නේ හරියට විමර්ශනයක්වත් කරගන්න බැරි අදක්ෂයෝ රැලක් විදිහටයි.
ඒක මේ රටේ ස්වෛරීභාවයට වදින මරු පහරක්.
මහාධිකරණය මේ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් වලංගු සාක්ෂියක් විදිහට පිළිගැනීම නිසා, රටක් විදිහට ජාත්‍යන්තරව වැටෙන්න ගිය ලොකුම අගාධයකින් අපි බේරුණා.
දැන් ඉතින් වෙන වෙන දේශපාලන බයිලා නැතුව, මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය ඇතුළෙන්ම අතීතයේ කරපු පව්වලට වන්දි ගෙවන්න ත්‍රස්තයන්ට සිද්ධ වෙන දවස වැඩි ඈතක නෑ.
ඒ නිසා ගොඩ පෙරකදෝරු පත්තර කාරයොයි.., අධිකරණ තීන්දුවට ක් කලින්ම ජෙනරාල් සුරේෂ් සලේව දංගෙඩියට දක්කන්න පොර ටෝක් දුන්න උනුයි පැත්තකට වෙලා ශ්‍රී ලංකාවේ අධිකරණයට මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙ නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න..
නිලන්ත සත්සර ගමගේ ✍️
