July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පත්තු වෙන කොත්තුව

1 min read

කොත්තු ඉපදුණේ ලංකාවේ ය. 1970 හෝ 1980 දශකයන් හි දී නැගෙනහිර පළාතේ මඩකලපුව හෝ ත්‍රිකුණාමලයේ දී මෙය උපත ලද බව සාමාන්‍ය පිළිගැනීමය.

“කොත්තු” යනු සිංහලෙන් “තොත්තු” වලට කිට්ටු වචනයක් වූවාට, දෙමලෙන් කොත්තු කියන්නේ “කැපීම”ට ය. නැත්නම් “කෙටීම”ට ය. ගෝදම්බර රොටී ඉතිරි නොවූයේනම් කොත්තුව ඉපදෙන්නේ නැත. දිනක් ඉතිරි වූ ගෝදම්බර රොටි අපතේ යන එක වලක්වන්නේ කෙසේදැයි සිතන විට කාගේ හෝ හිතට ආව නිර්මාණශීලී උත්තරය වූයේ කොත්තුය. ගෝදම්බර රොටී සිහින්ව කපා, එළවළු සහ මස් හොදි සමග මිශ්‍ර කර උණුසුම් තැටියක පෙරළා පෙරළා සද්දේ දාමින් කොත්තුව හැදුනේ එහෙමය.

මුල් කාලයේ දී කොත්තුව අල්ලලා ගියේ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරය. එහෙත් කෙටි කලකින් කොත්තුවට තොත්තු දුන්නේ සිංහල ජනතාවය. තරු පහේ හෝටලයේත්, වීදි ආහාර කුටියේත් දැන් ඇත්තේ කොත්තුය. “Sri lanka Kottu” කියා ලොව පුරා සුපිරි නගරවල ද තියෙන්නේ කොත්තු ය.

කොත්තු ගැන ඔත්තු බලා පත්තු කරපු “ගේමක්” මේ දවස්වල සමාජ මාධ්‍යයේ නැගලා යන්නේය. ඒ කියන්නේ මිස්ටර් කොත්තු ගැනය. මිස්ටර් කොත්තු මේ දිනවල සත්තු වත්තට වැටී ඇත්තේ පත්තු වී ඇති හඬ පට හා සී.සී.ටී.වී. දර්ශන නිසාය. සකල දේශ වාසී ජෙප්පන් මේ දිනවල කරන්නේ මිස්ටර් කොත්තුට නැගිටගන්නට බැරිවෙන්නටම අරින එකය. ඒ කුමන හේතුවක් නිසාදැයි තේරුම් ගන්නට කොත්තු කාපු උන්දැලාට හැකියාවක් නැත.

ජනප්‍රිය පුවත්  පාපය, ශාපය, හා කෝපය!

බයිබලයේ ශුද්ද වූ යොහන් සුවිශේෂයේ 8 වැනි පරිච්ඡේදයේ (යොහන් 8-1-11) සඳහන් වන පරිදි කාමමිත්‍යාචාරයේ හෙවත් පරදාරසේවයේ හෙවත් ගණිකා වෘත්තියේ නියැලුණු කතක් නීතිඥයන් සහ පරිසිවරුන් විසින් ජේසුස්වහන්සේ ඉදිරියට පමුණුවනු ලැබීය. මෝසෙස්ගේ නීතියට අනුව ඇයට ගල් ගසා මැරිය යුතු බව පවසමින්, ඔවුන් ජේසුස්වහන්සේගෙන් ඒ පිළිබඳව තීරණයක් ඉල්ලා සිටියේ උන්වහන්සේව පරීක්ෂාකිරීම පිණිස ය.

එවිට ජේසුස්වහන්සේ දුන්නේ මෙහෙවු පිළිතුරක් ය.

“ඔබ අතරින් පවක් නොකළ තැනැත්තා පළමුවෙන්ම ඇයට ගලක් ගසත්වා !!”

බුදුරජාණන්වහන්සේ හමුවට ආ පටාචාරාගේ කතාව ද හරයෙන් මීට සමානය. තම සැමියා, දරුවන් දෙදෙනා, දෙමව්පියන් සහ සහෝදරයා යන සියලු දෙනාම එකම දිනක දී අහිමි වූ වේදනාවෙන් පීඩිත පටාචාරා සිහිවිකල් වී ඇඳ සිටි ඇඳුම පවා රහිතව නිරුවතින් දිවගියේ වීදි දිගේය. ඇය දුටු සමාජය ඇයට කීවේ “පිස්සියක්” කියාය. ඇතැමුන් ඇයට ගල් ගැසූහ. සමාජ ඇයව පිළිකුලෙන් බැහැර කළාය.

එහෙව් පටාචාරා ජේතවනාරාමයට පැමිණි විට එහි සිටි පිරිස ඇයව පලවා හැරීමට උත්සාහ කළහ. එහෙත්, අප මහා බෝසතාණන්වහන්සේ එය වලකා “නැගණියනි, පියවි සිහියට පැමිණෙන්න” යැයි වදාළ සේක. පසුව ඇයට එහි සිටි අයකු වස්ත්‍රයක් ලබා දුන් අතර, බුදුන්වහන්සේ ඇයට දහම් දෙසා ඇයව රහත් මෙහෙණින්වහන්සේ නමක් බවට පත්වීමට මඟ පෙන්වූ සේක.

ජනප්‍රිය පුවත්  ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව කොළඹට ජන ගඟක් !

“නැගණියනි, මම ඔබේ දරුවාට බෙහෙත් කරන්නම්. හැබැයි ඒ සඳහා මට අබ ඇට මිටක් අවශ්‍යයි. ඒ අබ ඇට සොයාගතයුත්තේ කිසිදු මනුෂ්‍යයකු මරණයට පත් නොවූ නිවසකින් පමණයි”

බුදුන්වහන්සේ එසේ වදාලේ තම මියගිය දරුවා ද වඩාගෙන, එය නොපිලිගනිමින් දරුවාට සුව කරන්න බෙහෙතක් ඉල්ලමින් උන්වහන්සේ හමුවට පැමිණි කිශාගෝතමිට ය.

ඇය ගිය සෑම නිවසකම අබ ඇට තිබුණත්, කිසිවකු මිය නොගිය නිවසක් ඇයට හමුවූයේ නැත. ඒ අභ්‍යාසය නිසාම මරණය සැමට උරුම පොදු ධර්මතාවයක් බව ඇය අපූරුවට වටහා ගත්තා ය.

ජේසුස්වහන්සේ “පවක් නොකළ තැනැත්තා පළමුව ගල් ගසන්න” කී විට මිනිසුන්ට තමන් කළ පව් සිහිවිය. බුදුන්වහන්සේ “නොමල ගෙයකින් අබ ඇටයක් ගේන්න” කී විට කිසාගෝතමියට මරණයේ පොදු බව අවබෝධ විය. මේ ක්‍රම දෙකම මිනිසාගේ මනස ස්වයං අවබෝධය කරා මෙහෙය වූ අතිශය දියුණු මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් ය.

තම සේවකයනට බැණ වැදුණු, පහරදුන් මිස්ටර් කොත්තුට ගල් ගසන්නෙත්, කිසිදු කෙනෙකුට
හීනෙන්වත් පහර දී නැති පරම පවිත්‍ර, නිමල, නිර්මල, පට්ට සාමකාමී ජෙප්පන් ය. ජෙප්පන් තරම් මානෂීය වූ වෙනත් කිසිවකු මෙදියත මෙතෙක් ඉපැදී නැත. ප්‍රචණ්ඩත්වය ගැන ජෙප්පන් අහලවත් නැත. මිස්ටර් කොත්තුව ඉවර කරන්නට පොලු මුගුරු අරගෙන සිටින්නේ එවන් වූ සුපේශල ශික්ෂාකාමී ජෙප්පන් ය.

ජනප්‍රිය පුවත්  නානට හිනා !

කොත්තුව අල්ලාගෙන මේ පත්තු බදින්නේ ජෙප්පන්ගේ මන්ද මානසික වෛර සහගත මනසටය. මිනිහෙකු අතින් හැර දෙවියකු අතින් වරදින්නට ඉඩක් නැත. ඒ වරද අල්ලාගෙන මුළු ව්‍යාපාරයකටම කෙළවා දමා සතුටු වෙන්නට බලන්නේ මිස්ට කොත්තුටත් වඩා පිස්සු …ත්තන් ය.

කොත්තු කන්නේ මිනිස්සු මිස සත්තු නොවේය. වැරදි වෙන්නේ මිනිස්සුන්ගෙන්ය. සේවකයාගේ වැරැද්දට මිස්ට කොත්තු කළේ ඊටත් වඩා වැරැද්දක්ය. හැබැයි ඒ වරද අල්ලාගෙන මිනිහෙකුගේ මුළු ව්‍යාපාරයකටම කෙළවන්නට යාම සහගහන අපරාධයක්ය. සමාජ මාධ්‍යයේ ඉන්න, පට්ට “මානුෂික” කුල්ල කුජිත ජෙප්පෝ දැන් කරමින් ඉන්නේ ඒකය. ඒ නරුම මනසට මේ පොසොන් සමයේ කිසිවකුත් ඉඩදියයුතු නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x