ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව බොරතෙල් බැරලය ඇ.ඩො.103ට බහී!
1 min read
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (23 වැනිදා) පෙරවරුවේදී ඇමරිකානු ඩොලර් 114 දක්වා ඉහළ ගොස් පැවතියද දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකරන බවට වූ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 දක්වා පහත වැටී ඇත.
මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතිණි.
දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබා ඇත.
මෙම සටහනත් සමග ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පහත වැටී තිබේ.
මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර පෙබරවාරි මස 27 වැනිදා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73කට ආසන්න අගයක පැවැතිණි.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
