ජාතියේ ස්වාධීනත්ව වෙනුවෙන් දිවි දීමට මිලියන 14 කට අධික පිරිසක් සූදානම් – ඉරාන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!
1 min read
ඉරාන ජනරජයේ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කිරීමට මේ වන විට ඉරාන වැසියන් මිලියන 14කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) මහතා පවසයි.
ජනාධිපතිවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදීමට මෙතරම් විශාල පිරිසක් ඉදිරිපත් වීම ඉරාන වැසියන්ගේ අභිමානය විදහා දක්වන බවයි.
එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ:
“ජාතියේ ස්වාධීනත්ව සටන වෙනුවෙන් මිලියනයක බළකායක් ජනතාවගෙන් ඉල්ලූ විට මිලියන 14 ක් ජීවිත පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වී තිබෙනවා. මා ද ඉරානය වෙනුවෙන් මගේ ජීවිතය කැප කිරීමට සැමදා කැපවී සිටි අතර, ඉදිරියටත් එම දැඩි අධිෂ්ඨානයෙන්ම පසුවනවා.”
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
