May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෝඨාභය රාජපක්ෂට යළිත් නොතීසි !

1 min read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියම කළා.

2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස ඔහු නම් කර තිබෙනවා.

අදාළ වන්දි ගෙවීම් නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x