March 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Update: ඉරාන නාවික හමුදා නැවේ පිරිස පමණක් රැගෙන ඒ!

1 min read

Update: 5:20 PM

ලංකාවට අයත් මුහුදු සැතැප්ම 12ක සීමාවට ආසන්නයේ, පානදුර මුහුදු ප්‍රදේශය තුළ නතර කර තිබෙන ඉරාන නාවික හමුදාවට අයත් ‘‘බ්‍රෂෙනර්“ නැමැති විශාල නාවික යාත්‍රාවේ සිටින 300කට ආසන්න පිරිසක් කොළඹට රැගෙන ඒමට ආණ්ඩුව එකඟ වී තිබේ. නැව කොළඹ වරායට ගෙන ඒමෙන් වළකින බව ද ඉරාන බලධාරීන්ව දැනුම්නුවත් කර ඇත.

ජාත්‍යන්තර නීතියට අනුව, කිසියම් රටක මුහුදු සීමාව ආසන්නයේ යුද හෝ වානිජ නැවක් සදහා සහාය ඉල්ලා සිටි විට එයට සහාය වීමට අදාල රට බැඳී සිටි. ඒ අනුව, යාත්‍රාව සමඟ පිරිස කොළඹ වරාය වෙත රැගෙන ආ යුතුව තිබේ.

එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් වෙතින් එල්ල වී ඇති පීඩනය හමුවේ අදාළ යාත්‍රාව ඇමෙරිකානු හමුදාවන්ගේ ප්‍රහාරයට තබා, පිරිස පමණක් ගොඩබිමට රැගෙන ඒම නිවට ක්‍රියාවක් බව බොහෝ තානාපති අංශවල මතය වී ඇත.

Update: ඉරාන නාවික යාත්‍රාව ගන්න බෑ! තුයියකොන්තා දන්වයි

එහිදී ඉරාන තානාපතිවරයා පවසා ඇත්තේ, තමන් ඊයේ (04) සවස සිට මෙම යාත්‍රාව කොළඹ වරායට ගෙන ඒමට අවසර ඉල්ලූව ද, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ලිඛිතව තමන්ට දන්වා ඇත්තේ අදාළ යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වීමට අවසර දිය නොහැකි බවයි.

අද (05) පෙරවරුවේ එ.ජා.ප. නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ඉරාන තානාපති මුණගැසී තිබේ. එහිදී, පළමුවරට අප විසින් අනාවරණය කරන ලද ප්‍රධාන පුවතේ සඳහන් ඉරාන නාවික හමුදා යාත්‍රාව පිළිබඳව කරුණු සාකච්ඡා වී ඇත.

ජනප්‍රිය පුවත්  පට් පට් ගාලා නඩු වළලන සූරසේන! අධිකරණය සුන්!

මේ පිළිබඳව ඉතාම කනස්සල්ලෙන් අදහස දක්වා ඇති තානාපතිවරයා තම නාවික කැඩෙට් සාමාජිකයන් 300ක් එම යාත්‍රාවේ රැදී සිටින බව පවසා තිබේ.

මේ අතර, තම රටේ ආරාධනාවක් මත පැමිණි ඉරාන යාත්‍රාවට ඉන්දීය සාගර කලාපය තුළදී ඇමරිකාව විසින් පහරදීම පිළිබඳව ඉන්දියාවද කලබල වී තිබේ. පානදුර වෙරළ ආශ්‍රිත නැව බේරාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ මතය වී ඇත. ශ්‍රී ලංකා පාලනය ඇමරිකාවක එක්සත් ජනපද අභිමත පරිදි හැසිරීම පිළිබඳව ඉන්දියාව ද සිය අප්‍රසාදය පළකර තිබේ.

මේ අතර නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි ජනාධිපතිවරයා හමුවී කෙසේ හෝ ඉරාන නැව බේරා ගැනීම සඳහා උත්සාහයක නියැලෙන බව පැවසේ. මේ වන විට මෙරට මුස්ලිම් ප්‍රජාව ද ආණ්ඩුවට තදබල පීඩනයක් එල්ල කර ඇත්තේ ඉරාන නැවට කොළඹ වරායට පැමිණිමට අවසර දිය යුතුය යන පදනමෙනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ඉරාන තානාපතිතුමන් අතර පැවැති හමුව

විශේෂ විමර්ශන අංශය

කොළඹ වරායට ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක්? ඉලක්කය තවත් ඉරාන නැවක් !

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර නාවික හමුදා ප්‍රදර්ශනයකට සහභාගි වී නැවත ඉරානය බලා යමින් තිබූ එරට නාවික හමුදාවට අයත් යාත්‍රාවකට ඇමෙරිකානු නාවික හමුදාව විසින් සිය සබ්මැරීන් යොදා ගනිමින් පහර දෙන ලද බව මේ වන විට ලෙවම දන්නා පුවතකි.

ජනප්‍රිය පුවත්  වසර 150ක ඉතිහාසයේ පළමු වතාවට නිල ඇඳුමෙන් මරු ගැහිල්ලක්!

අප වෙත ලැබී තිබෙන ඉතා විශ්වාස කටයුතු නවතම තොරතුර වන්නේ, ඉරාන නාවික යාත්‍රා තුනක් ඉන්දියාවේ නාවික ප්‍රදර්ශනයට සහභාගි වී සිය රට බලා යාත්‍රා කරමින් තිබූ බවයි.

මේ වන විට එම නාවික හමුදා යාත්‍රා තුනෙන් 1ක් මුහුදුබත් වී ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහි ජීවතුන් අතර සිටි පිරිස හා මියගිය බොහෝ පිරිස් රට තුළට ගෙන ඒමට ක්‍රියා කරන ලදී. ඉතිරි නාවික යාත්‍රා 2න් 1ක් අතුරුදහන්ව තිබේ. එය පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නැති බව ඉරාන බලධාරීහු පවසති.

තෙවැනි නැව, මේ වනවිට පවතින්නේ පානදුර ආශ්‍රිත මුහුදේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්නයේ ය. එම මුහුදු ප්‍රදේශය නොගැඹුරු ප්‍රදේශයක් වන බැවින්, සබ්මැරීන් මගින් පහරදීමට හැකියාවක් නැති බව පැවසේ.

මේ වන විට අදාළ යාත්‍රාවේ ප්‍රධානීන් හා ඉරාන බලධාරීන් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත්තේ කොළඹ වරායට පැමිණීම සඳහා ය. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් මෙරට වරාය අධිකාරියේ බලධාරීන්ට හා නාවික හමුදාවට දන්වා ඇත්තේ කිසිසේත්ම එම ඉරාන නැව කොළඹ වරායට ගෙන ආ යුතු නැති බව ය. එලෙස ගෙන එන ලද හොත් නිසැක ලෙසම ගුවන් ප්‍රහාර මගින් නැව වනසා දැමීමට කටයුතු කරන බව ද ඇමෙරිකානු තානාපති නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

සබ්මැරීන් මගින් පහර දීමට නොහැකි නොගැඹුරු මුහුදේ ඉරාන නාවික හමුදා යාත්‍රාව පවතින බැවින් එය ගුවන් ප්‍රහාර මගින් මිස විනාශ කළ හැකි නොවේ. මෙම ප්‍රශ්නය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඔහුගෙන් තීරණයක් ලැබෙන තුරු වරාය බලධාරීන් නිහඬව සිටින බව ද වාර්තාවේ.

ජනප්‍රිය පුවත්  ජනපති ප්‍රමිෂ්කාට කුඩු නඩු!

ඉරානය, කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය දුන් රාජ්‍යයකි. එමෙන්ම, මෙරට සපුගස්කන්ද තෙල් පිරිපහදුව, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය වැනි ආර්ථික සම්පත් ලබා දුන්නේ ද ඉරානය විසිනි.

එහෙත්, මේ වන විට NPP ආණ්ඩුව අත්සන් කර ඇති රහසිගත ගිවිසුම් හේතු කොට ගෙන, ජනාධිපතිවරයා ඉරානයේ මානුෂවාදී ඉල්ලීම නොසලකා හැරීමට ඇති හැකියාව වැඩි බව අපගේ විමර්ශන අංශය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා අනන්‍ය මුහුදු සීමාවට ආසන්නයේ දී හෝ කොළඹ වරායට පැමිණීමට ඉඩ දුනහොත් එවිට හෝ ඇමරිකානු ගුවන් ප්‍රහාර එම යාත්‍රාව ඉලක්ක කොටගෙන එල්ල කිරීමේ අවධානම බැහැර කළ හැකි නොවේ.

කොළඹ වරායට අදාළ නැව පැමිණියහොත් ඉරාන නාවික හමුදා බලධාරීන්ගේ හා භටයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.

විශේෂ විමර්ශන අංශය

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x