July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථිකය බරපතල අනතුරක !

1 min read

ශ්‍රී ලංකාව තුළ විවිද ආකාරයෙන් ආයෝජනය කර ඇති විදෙස් ආයෝජකයන් තම ආයෝජන විකුණා මුදල් පිටතට ඇදී යාම වේගවත්ව තිබේ. අප මීට පෙර අණාවරණය කරන ලද පරිදි 2026 වසරේ පළමු මාස 6 තුළ සමස්ත ශුද්ධ විදේශීය ප්‍රාග්ධන පිටතට ගලා යාම රුපියල් බිලියන 30 ද ඉක්මවා ගොස් තිබේ. කොළඹ කොටස් හුවමාරුවෙන් සිදුව ඇති ශුද්ධ විදේශීය පිටතට ගලා යාම දළ වශයෙන් රු. බි. 25 ඉක්මවාගොස් ඇති අතර, රජයේ සුරැකුම්පත් හා රුපියල් බැඳුම්කරවලින් විදේශීය ආයෝජකයන් ඇමරිකානු ඩොලර් මිලියන 13.9 කට වඩා වැඩි (එනම්, රුපියල් බිලියන 5 කට වඩා වැඩි) ශුද්ධ ප්‍රමාණයක් විකුණා තිබේ.

මෙය, මීට පෙර, පූර්ව ආර්ථික ව්‍යසන සමයක් වූ 2020 – 2021 දී පැවති විදෙස් ආයෝජන පිටතට ගලා යාමේ ප්‍රවනතාව ද ඉක්මවා ගොස් තිබෙන තත්ත්වයක් වේ.

2020 වසරේ දී රු. බි. 51 ක පමණ දැඩි ශුද්ධ පිටතට ගලායාමක් වාර්තා වී තිබේ. 2021 දී එය රුපියල් බිලියන 53 ක්ව ඇත. එහෙත් 2020 ජුනි මස නිමා වනවිට ශුද්ධ විදේශීය පිටතට ගලායෑම රැපියල් බිලියන 22 වී තිබේ. 2021 ශුද්ධ විදේශීය පිටතට ගලායාම, එම වසරේ ජුනි මස අවසාන වන විට රුපියල් බිලියන 26 – 27 දක්වා අගයකට හිමිකම් කියා තිබේ. එහෙත් 2026 වසරේ ජුනි මස නිම වනවිට, ශුද්ධ විදේශීය පිටතට ගලායාම රු. බි. 30 ද ඉක්මවා ගොස් ඇත.

ජනප්‍රිය පුවත්  පළාත් සභා ඡන්දය උතුරට හා නැගෙනහිරට !

මේ අතර, විදේශ වත්කම් සංචිතයද පැවති අගයේ සිට පහලට ඇද වැටී. තිබේ මැයි මාසයේ පැවති ඩොලර් බිලියන 6.88 ක සංචිතය ජුනි මාසය තුළ 6.3% කින් පහත වැටී තිබේ. එනම් ඇ.ඩො.මි. 431 ක් අඩු වී තිබේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.45 ක් දක්වා පහත වැටී තිබේ. මෙම ඇ.ඩො.බි. 6.45 තුළ චීන රජය ලබා දී ඇති ඇ.ඩො.බි. 1.4 කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වේ. එය පාවිච්චියට ගත නොහැකි ණය පහසුකමකි.

ඊළඟ බරපතළ කාරණය වන්නේ ශ්‍රී ලංකා රජය 2026 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ විදේශ ණය සේවාකරන අවශ්‍යතාවය ඩො.බි. 2.1 ක් වීමය. මෙම ඩො.බි. 2.1 ගෙවීමට සිදුවන්නේ විදේශ වත්කම් සංචිතය යොදාගනිමිනි. දැනටමත්, 2020 හා 2021 ප්‍රවණතාවද ඉක්මවායමින් කොළඹ කොටස් හුවමාරුව තුළ හා රජයේ සුරකුම්පත්වල ඇති විදෙස් ආයෝජන රටින් පිටතට ගලා යද්දී, මැදපෙරදිග නැවතත් තීව් වී තිබෙන යුදමය ආතතිය සමග සංචාරක ව්‍යාපාරයෙන් සැලකිය යුතු ආදායමක් අපේක්‍ෂා කළ නොහැකි තත්ත්වයක දී, විදෙස් ණය සේවාකරණයට ද ඩො.බි. 2.1 ක් වැය කිරීමෙන් මෙරට විදෙස් වත්කම් සංචිතය වසර අග වන විට තියුණු අර්බුදයකට මුහුණ පෑමට නියමිත වේ. ඒ සමගින් රුපියල තවදුරටත් අධි-අවප්‍රමාණයකට ලක් වීමෙත්, විදෙස් විනිමය හිඟකම විසින් ආනයනික ද්‍රව්‍ය හිඟවීමත් ඇතුළු විශාල ආර්ථික කඩාවැටීමක් වසර අග වන විට ඇතිවිය හැකිව තිබේ. එල්නිනෝ නියඟය ද මෙම ආර්ථික කඩාවැටීම තවත් තීව් කිරීමට හේතුවිය හැකියැයි ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ අනතුරු හඟවති.

ජනප්‍රිය පුවත්  අගමැතිනිය බයෙන්!

මෙම ආර්ථිකයේ දරුණු ප්‍රවණතාව පිළිබඳ ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ කිසිවකුගේ විශේෂ අවධානය යොමුව නැත. මෙමගින්, 2027 මාර්තු අවසන් වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම නැවත වැළඳගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ.

  • චාමර වීරසිංහ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x