January 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනි නාසි ද?

1 min read

මෙම ඡායාරූපයේ සහ තවත් ඡායාරූප කිහිපයක දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මැදුරේ සේවය කරන තම කාර්ය මණ්ඩලය 2026 වසරේ වැඩ ආරම්භ කරන අන්දම ය.

ඔවුන් සියලු දෙනාම සිටින්නේ තම දකුණු අත ඉදිරියට හරි කෙලින් දිගු කරගෙන ය. නව වසරේ හොඳට වැඩ කරන බවට වන ප්‍රතිඥාව කියවමින් මෙසේ සිටින්නට ඇතැයි සිතිය හැකිය.

අග්‍රාමාත්‍ය හෝ වෙනත් ප්‍රධාන තණතුරු දරන ඔනෑම රාජ්‍ය ප්‍රධානියකුට ලෝකයේ විවිධ සංකේත පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. ඇයට හෝ ඔහුට එම අවබෝධය නොමැත්තේනම් එවැනි පුළුල් අවබෝධයක් ඇති අයකු අඩුම තරමේ තම කාර්ය මණ්ඩලයක හෝ සිටිය යුතු ය.

රාජ්‍ය තාන්ත්‍රික භාෂාව යනු, වචන පමණක් නොවේ. ශාරීර භාෂාව ද තවත් බොහෝ දේ ද ඊට ඇතුළත් ය. මේ කිසිත් නොදන්නා ශ්‍රී ලංකාවේ උගත් ආචාර්ය හරිනි අමරසූරිය නව වසරේ වැඩ අරඹන්නේ හිට්ලර්ට පමණක් අනන්‍ය වූ හස්ත සංකේතය ඉදිරිපත් කරමින් ය.

ජර්මනියේනම්, මේ හස්ත සංකේතය දැක්වීම හිරේ යාමට සිදුවන තරමේ බරපතළ වරදකි. මෙය ම්ලේච්ඡ නාසිවාදයේ පිළිකුල් කටයුතු සංකේතයකි. ලෝක දේශපාලනය ගැන සුළු හෝ අවබෝධයක් ඇති කිසිවකු මේ හස්ත සංඥා ප්‍රදර්ශනය නොකරති.

ජනප්‍රිය පුවත්  පාපය, ශාපය, හා කෝපය!

එහෙත් ආචාර්ය හරිනි දන්නවා වැඩිය. ඇය ”බඩී නෙට්” ගැන ද දන්නීය. හිට්ලර්ගේ නාසිවාදී හස්ත සංඥා ගැන ද දන්නීය. ඒ නිසාම ඇය ඒ සියල්ල ප්‍රායෝගික භාවිතයට රැගෙන එන්නී ය.

ප්‍රභාකරන්, තම කැලෑ හමුදාවට පුරුදු කළේ ද මේ හස්ත සංඥාව ප්‍රදර්ශනය කර ප්‍රතිඥා දීමට ය. ඒ, හිට්ලර්ගේ නාසිවාදී මගත් ප්‍රභාකරන්ගේ මගත් බෙහෙවින් සමාන නිසා ය. හරිනි ද යන්නේ ඒ මගය. ප්‍රභාකරන් බඩදරු අම්මලා හා කිරි සප්පයන් මරා දැමුවේ කපා කොටා ය. වෙඩි තබාය. හරිනි මරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් ය. ඒ නිසා මේ ෆැසිස්ට් හස්ත මුද්‍රාව ඇයට නොගැලපෙන්නේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x