January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෙවනගල හා පැල්වත්ත රවී විජේරත්නට දෙන්න හොර ගල් අහුලති!

1 min read

පසුගියදා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් සෙවනගල හා පැල්වත්ත යන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් ස්ථාන දෙක සඳහා සංචාරක ආකර්ශනය ඇති කිරීමේ අරමුණෙන් රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ඇරඹීමට සූදානම් වන බවයි.

හරිත සංචරණය (Eco Tourism) කෘෂි සංචාරණය (Agro Tourism) සහ සංරක්ෂණය පදනම් කරගත් සංචරණය  (Conservation-based tourism) වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව තුළ තෝරාගත් ස්ථාන 04ක් ද, සංචාරක ආකර්ශනය සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවය. එමෙන්ම සෙවනගල කර්මාන්ත ශාලාවේ පිහිටි ස්ථාන කිහිපයක් ද මෙලෙස හඳුනාගෙන ඇති බව එහි සඳහන් ය. කැබිනට් පත්‍රිකාව මගින් අදාළ ඇමතිවරු දෙදෙනා අනුමැතිය ඉල්ලා ඇත්තේ, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ව්‍යාපෘති 2ක් ඉදිකිරීමට ය. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. සෙවනගල හා පැල්වත්ත යනු මේ වන විට බරපතළ සේවක නොසන්සුන්තා පවතින කාර්මාන්ත ශාලා 2කි. අපගේ අභ්‍යන්තර වාර්තාකරු පෙන්වා දෙන්නේ, මේ ‘‘හවුල් ව්‍යාපාරය“ පිටුපස සිටිනනේ කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු වූ රවී විජේරත්න නැමැත්තා බවය. අමාත්‍ය විජිත සහ හඳුන්නෙත්ති රවී විජේරත්නගේ කුළුපඟ මිත්‍රයන් බවට මේ වන විට පත්ව තිබේ. ඔවුන් දෙදෙනාට බොහෝ දේ සඳහා අත – පය දිගහැර වියදම් කරන්නේ රවී විජේරත්න ය. කෙසේ වෙතත්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරිය මෙම ව්‍යාපෘති සඳහා සිය විරුද්ධත්වය ඵලකර ඇත. 

ජනප්‍රිය පුවත්  එ.ජා.ප.ය සමඟ එක්වීමට සජිත් එකඟ වෙයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x