January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සාරා ජස්මින් මැරිලත් නෑ! ඉන්දියාවෙත් නෑ! ඕන වුණොත් වරෙන්තු කරනවා!

1 min read

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් නොමැති බව විමර්ශන අංශ මගින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඔහු පවසා සිටියේ ඇය මියගොස් ඇති බවට මීට පෙර පැවති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළ බවයි.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා, විමර්ෂන අංශයෙන්. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවා කියලා.

නමුත් විමර්ශන දිගින් දිගට පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ෂන තමා නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, මේකේදී ගැඹුරු විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා.

සමහර කාරනා විමර්ෂනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින් විමර්ශන සිද්ධ කරනවා, අවශ්‍ය නම් සාරා ජස්මින්ව වරෙන්තුව ගන්න අපි කටයුතු කරනවා.”

ජනප්‍රිය පුවත්  මහ බැංකුව රට ඇතුළෙන් ඩොලර් බිලියනයක් මිල දී අරන්!

ඒ, සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස පවා විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ බව හෙයින් විදේශගතව සිටින පාතාල සාමාජිකයන් ගෙන්වීමට කටයුතු කරන ආකාරයටම ඇය සම්බන්ධයෙන්ද විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ ඇයි ද යන්න හා ඉන්දීය ඉහළ පෙළේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී මේ පිළිබඳව කරුණු මතු කළේද යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x