November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සමිදුනි! ඔබ කොහිද?

1 min read

මේ ඉන්නේ දිවැසිවරයකු ලෙස තමන්ව හඳුන්වා ගන්නා ජෙරම් ප්‍රනාන්දු ය. ඔහු මේ ගමන් කරමින් සිටින්නේ එමිරෙට්ස් ගුවන් යානයක පළමු පන්තියේ අසුන්ගෙන ය. මෙම පළමු පන්තිය සහිත ගුවන්යානා යොදා ගන්නේ දිගු ගමනාන්ත සඳහා ය. ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතකට අය කරන මුදල වගේ තුන් ගුණයක පමණ වැඩි මුදලක් පළමු පන්තියේ ගුවන් ටිකට්පතකට අය කරනු ලබන බව පැහැදිළි ය.

ජෙරම් ප්‍රනාන්දු ”දිවැසිවරයා” මේ සුවපහසු හා අධික වියදම් ගුවන් ගමනේ නිරත වන්නේ ජේසු සමිඳානන්ට ස්තූති වන්නට ය. ”බොන් අගේන්” හෙවත් ”නැවත ඉපදීම” නම් වූ ක්‍රිස්තියානි ආගමික නිකාය තුළ ක්‍රියාත්මක ජෙරම් මෙරට සල්ලිකාර පවුල්වල සල්ලි ගස සොලවන්නේ ඉන්ද්‍රජාලික හපන්කම් මවා පෙන්වමින් ය. ඔහුගේ මෙකී ”හපන්කම්” දැක පුදුමයට පත්වන සල්ලිකාර පවුල්වල අසහනයට ලක්වූවෝ තමන් සතු මුදල් රිසි සේ ඔහුට පිරිනමති. එම මුදලින්, ප්‍රකෝටිපතියකු ගෙවන සුව පහසු ජීවිතයක ”රස” භුකිත් විදීමට මේ ”දිවැසිවරයාට” භාග්‍ය උදා වී තිබේ. ජේසු සමිඳනාන්ව මේ අන්දමට විකුණා සැප පහසු සුපිරි ජීවිතයක් ලබා ගත හැක්කේ සැබැවින්ම දිවැසිවරයකුට පමණක්ම විය හැකිය.

ජනප්‍රිය පුවත්  තෝරදෙනියලාගේ තේරවිල්ල

ගෝඨාභය රාජපක්ෂ පාලනය එළවා දැමීමට දියත් වූ ”අරගලයේ” මේ දිවැසිවරයා‌ගේ අනුගාමිකයෝ බහුලව නියෝජනය වූහ. ජනාධිපති අනුර කුමාරගේ ප්‍රේම දූතිකාව වූ ප්‍රමිෂ්කා පෙරේරා ද ඒ අතර සිටි එක් සටන්කාමී දිරිය ලඳක් වුවා ය. අද ඇය ජනාධිපතිවරයාගේ දිවැසි ලඳය. එක් අතකින් දිවැසිවර ජෙරම්ටත් වඩා දැන් සර්වබලධාරී බලයකට හිමිකම් කියනුයේ ඇයයි.

අනෙකාගේ ”සැප” ට අපි වෛර නොකරමු! අනෙකාගේ ”සැප” දෙස වෛරයෙන් බලන්න මෙරට සමාජයට පුරුදු කළේ ජනාධිපති අනුර කුමාර ය. එසේ පුරුදු කළ වුන් අද සැප විඳින විට, ඊට එරෙහිව නැගෙන වෛරය පාලනය කිරීමට දිවැසිවර ජෙරම්ටවත් හැකි වෙතැයි සිතිය නොහැක. එහෙත් අප පතන්නේ එසේ නොවේවා යැයි කියාය.

ජේසු සමිඳුනි! ඔබ හරි පුදුමය! ඔබ නිසා ප්‍රකෝටිපතියන් වූ ජෙරම්ලාට අනුකම්පා කළ මැනව! ආශිර්වාද කළ මැනව! ”ආමෙන්” වෙනුවට ඔවුන් ”හලෛලුයියා” යැයි කියනු ඇත!

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rashmi Sriyalatha
Rashmi Sriyalatha
1 month ago

නියම පෝස්ට් එක

Themiya Thisera
Themiya Thisera
1 month ago

ජෙරම්ගේ පිහිටයි

2
0
Would love your thoughts, please comment.x
()
x