සමාජ මාධ්‍ය හැසිරීම ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන්!
1 min read
ජනාධිපතිවරයාට දෛනිකව ලැබෙන, සමාජ මාධ්‍ය හැසිරීම හා එහි ප්‍රවණතා දැක්වෙන විශ්ලේෂණත්මක වාර්තාව ලබා දෙන්නේ, කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් බව, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු අප වෙත අනාවරණය කළේය.
විශේෂ මෘදුකාංගයක් මගින්, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කර, එහි සියලු දත්ත සහ ප්‍රවණතා දැක්වෙන විස්තරාත්මක වාර්තාවක් ඒ අනුව, දෛනිකව ජනාධිපතිවරයාට ලැබෙමින් තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, පසුගිය දා තමන්ට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් ට එරෙහිව එන්තරවාසියක් යොමු කරන ලද්දේ ද ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලැබෙන මෙම වාර්තාවේ සදහන් නිර්දේශ අනුවය. සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන චෝදනා හේතුකොටගෙන රහස් පොලීසියට පැමිණිලි කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කටයුතු කරන්නේ ද ඒ අනුව ය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙබදු වාර්තා ලබාදීම මගින් අපේක්ෂා කරනුයේ ආණ්ඩුවේ පැවැත්ම සුරක්ෂිත කර ගැනුම ය.
මීට අමතරව, ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ද සමාජ මාධ්‍ය හැසිරීමට අදාළ විශ්ලේෂණ වාර්තාවක් දිනපතා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බව වාර්තා වේ.
ගයාශාන්ත වීරසූරිය LankaUndergroundNews
