මිනුවන්ගොඩ නගර සභා සභාපති ඉල්ලා අස්වෙයි
1 min read
මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට සභාපතිවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
තමන්ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව තම පක්ෂයටද නිල වශයෙන් දැනුම් දී ඇතැයි ද සභාපති අසේල වික්‍රමාරච්චි මහතා කීය.
