January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොන් අගේන් CJ ශානිව කැඳවා දේශපාලන නඩු කඩිනම් කරන්නැයි දන්වයි!

1 min read

ශ්‍රී ලංකාවේ අගවිනිසුරු ඉතිහාසයේ පළමුවැට ”බොන් අගේන්” නම් ආගමික අතුරු ප්‍රභේදය තදින් විශ්වාස කරන අගවිනිසුරුවරයකු ක්‍රියාත්මකව ඇත්තේ දැන්ය. ඒ ප්‍රිති පද්මන් සූරසේන නම් අගවිනිසුරුවරයා ය. ඔහු පසුගියදා රහස් පොලීසියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශානි අබේසේකර පෞද්ගලිකවම තම රාජකාරී කාමරයට කැඳවා අවධාරණය කර ඇත්තේ සියලුම දේශපාලන නඩු කඩිනමින් විභාග කර දඩුවම් ලබාදී අවසන් කළ යුතු බවය. ඒ සඳහා කාර්යක්ෂමව පැමිණිලි ගොනු කරන ලෙසට ඔහු රහස් පොලීසියේ ප්‍රධානියාට බලපෑම් කර තිබේ. තමන් වෙනත් අගවිනිසුරුවරුන් මෙන් සතියට දින 2ක් පමණක් නොව සතියට දින 4ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ අසුන් ගන්නා බවත්, අධිකරණ සේවා කොමිසම හරහා අධිකරණයේ සියලු විනිසුරන්ගේ ක්‍රියා කළාපය අවශ්‍ය පරිදි පාලනය කරන බවත්, ඒ පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගන්නා ලෙසත් CID ප්‍රධානියාට අවධාරණය කළ ”බොන් අගේන්” සූරසේන සියලු චූදිත දේශපාලඥයන්ට ඇප නැතිව හිරේ දැමීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස දැන්වීය.  

දැනටමත් අධිකරණ සේවයේ නියුතු විනිශ්‍යකරුවන් ගණනාවකගේ වැඩ තහනම් කිරීම් හෝ මාරු කිරීම් සිදු කර ඇතැයි අධිකරණයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනප්‍රිය පුවත්  විදේශ ගවේෂණ යාත්‍රා තහනම්! චීනයට ‘‘මාලිමා“ පහරක්!

Underground අධිකරණ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x