බෙංගාල බොක්කේ පෙරළියක්! BBC රතු එළි දල්වයි!
1 min read
BBC කාලගුණ අංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් පවතින අයහපත් කාලගුණ පද්ධතියක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට තද වැසි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති වළාකුළු පද්ධතියක් මේ වන විට අවධානයට ලක්ව ඇති අතර එය කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ විභවයක් පවතින බව BBC කාලගුණ විද්‍යාඥ ලුයිස් ලියර් (Louise Lear) මහත්මිය පෙන්වා දෙයි. ඇයගේ විශ්ලේෂණයට අනුව මෙම පද්ධතිය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කරමින් පවතී.
කෙසේ වෙතත් මෙම වළාකුළු පද්ධතිය නිල වශයෙන් කුණාටුවක් බවට පරිවර්තනය වුවද හෝ එසේ නොවුණද ඉන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමේ අඩුවක් නොවන බව කාලගුණ වාර්තාව අවධාරණය කරයි. විශේෂයෙන් සඳුදා දිනයේ අවසාන භාගයේ සිට අඟහරුවාදා දිනය දක්වා කාලය තුළ මෙම පද්ධතියේ බලපෑම දැඩිව දැනෙනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තීව්‍ර වූ වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර කාලගුණයේ දැඩි අස්ථාවර භාවයක් දැකගත හැකි වනු ඇත.
කොළඹ ඇතුළු බස්නාහිර කලාපයට මෙම වර්ෂාපතනයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි අතර විටින් විට ඇති වන ධාරානිපාත වර්ෂාව නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වීමේ ඉඩකඩක් පවතී. මෙම කාලගුණ පද්ධතිය ශ්‍රී ලංකාව දෙසට ඇදී එන බැවින් ඉදිරි සතියේ මුල් දින කිහිපය තුළ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වය වරින් වර වෙනස් වෙමින් පවතිනු ඇත. එබැවින් හදිසි ජල ගැලීම් හෝ මාර්ග තද බදයන් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.
