November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිට එරෙහිව නීතිඥ සංගමයෙන් මෙහෙයුමක්!

1 min read

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.

පසුගිය දා ගල්කිස්ස උසාවි භූමියේ ප්‍රවීන නීතිඥවරයකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිදුවීමේ දී පොලිස්පතිවරයා ක්‍රියා කළ ආකාරය හේතුකොටගෙන මෙම යෝජනාව ගෙන ඒමට එම සංගමය තීරණය කර ඇත.

මෙම යෝජනාව ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු අප හා පැවසුවේ ය.

ගාමිණි රණවීර Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x