November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පාතාලයේ කොටසක් රකින පොලීසියේ මෙහෙයුමක් ! ‘රණාලේ පැට්ටා’ රට යැව්වේ පොලීසියෙන් !

1 min read

පාතාල අපරාධකරුවන්ගේ කොටසකට රැකවරණය හා සියලු සහයෝගයන් ලබා දී එම පිරිසට තර්ජනයක් වන පාතාල කණ්ඩායම් මර්දනයට ලක්කර විශාල කප්පම් ලබා ගැනීමේ ක්‍රියාදාමයක පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ කණ්ඩායමක් නිරතව සිටින බව Lanka Underground විශේෂ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන තිබේ. සැමවිටම, අපගේ විශේෂ විමර්ශන අංශයේ අනාවරණයන් සාක්ෂි සහිතව ඉදිරිපත් කරනු ලබන අතර, මෙම කරුණු ද අප අනාවරණය කරනුයේ ඒ ආකාරයටම ය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන අඹන්වෙලගෙදර ප්‍රභාත් මධුසංඛ සමරපාල නොහොත් ‘රණාලේ පැට්ටා’ මේ වන විට පොලීසියේ පූර්ණ සහයෝගය ඇතිව ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් තිබේ.

අඹන්වෙලගෙදර ප්‍රභාත් මධුසංඛ සමරපාල නොහොත් ‘රණාලේ පැට්ටා’

පැට්ටා යනු ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” නැමැත්තාගේ පළමු සහයකයා වේ. මහත් ආන්දෝලනයකට තුඩු දුන් හංවැල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සිය වෙළඳ සැල තුළ වෙඩි තබා ඝාතනය කිරීම සිදුකර ඇත්තේ බස් ලලිත්ගේ නියෝගයට අනුව පැට්ටා සහ ”බූරු මුණා” යන දෙදෙනා එක්වය. එම ඝාතනයෙන් පසුව ”බූරු මූණා” රටෙන් පිටවීමට උත්සාහ කිරීමේදී ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දෙන ලදී. අනතුරුව ඒ පිළිබඳ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කර තිබේ.

බූරුමූණාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී, බූරු මුණා අදාළ සිදුවීම පිළිබඳව පවසා ඇත්තේ බස් ලලිත්ගේ උවමනාව අනුව, පැට්ටා සමග ගොස් මුස්ලිම් ව්‍යාපාරිකයා මරා දැමූ බව ය. ඒ අනුව පොලීසිය පැට්ටාවද අත්අඩංගුවට ගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!
රණාලේ පැට්ටා’ සිය බිරිඳ සමග

පැට්ටාගෙන් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ඝාතනවලට අදාළ විශාල තොරතුරු ප්‍රමාණයක් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. පසුව පොලීසිය තීරණය කර ඇත්තේ බස් ලලිත් කොටු කර ගැනීමට අවශ්‍ය රජයේ සාක්ෂිකරුවකු වශයෙන් පැට්ටාව යොදා ගැනීමට ය.

ඒ අනුව කිසිදු නීතිමය පදනමකින් තොරව මාස දෙකකට වඩා වැඩි කාලයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය භාරයේ පැට්ටාව රඳවා තබා ගෙන තිබේ. පසුව එක් වරම ඔහු මුදා හැර කලින් සැළසුම් කරන ලද පරිදි නැවත අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණය විසින් ඔහුව බන්ධනාගාරත කර ඇත.

කුරුවිට බන්ධනාගාරයේ සිට තම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළ නොහැකි බැවින් පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ සහාය මත පැට්ටා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත මාරුවක් හදාගනු ලැබ තිබේ. ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු දැන ගැනීමෙන් පසුව බන්ධනාගාර බලධාරීන් පැට්ටාව මීගමුව බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.

පසුව, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි පැට්ටා ඔහු‌ගේ සාක්ෂිය ලබා දීමෙන් අනතුරුව රජයේ සාක්ෂිකරුවකු වූ බැවින් ඔහුව ඇප මත මුදා හැරීමට අධිකරණය පියවර ගෙන තිබේ. පැට්ටාව ඔහුගේ නිවසට ගෙනවිත් බාරදි ඇත්තේ S.T.F. ආරක්ෂාව සහිතව ය.

ඉන් පසුව, තම ආරක්ෂාව උදෙසා යැයි පවසමින් පැට්ටා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සුව පහසු තනි කාමරයක නතර වී තිබේ. මාස 3කට අධික කාලයක් ඔහු මෙම පොලිස් කාමරයේ රැදී සිට තිබේ. එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම ද නිදහසේ සිදුකර ඇත.

ජනප්‍රිය පුවත්  කථානායකගේ කොල්ලටත් නිල නිවසක් !

“ලොකු පැටී” යනුවෙන් හදුන්වන පාතාල අපරාධකරු ගෙනැවිත් තිබුණේද මෙම බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට ය. එහිදී ලොකු පැටීට අවශ්‍ය ජංගම දුරකථන 2ක් පොලිස් නිලධාරීන් මගින් පහළ මාලයේ රදවාගෙන සිටි ලොකු පැටීට ලබා දී ඇත්තේ ද පැට්ටා විසිණි.

2025 සිංහල අළුත් අවුරුද්ද වෙනුවෙන් හෝටලයක් වෙන් කර, බිරිඳ සහ දරුවා සමග සුව පහසුව සිටීමට පැට්ටාට සියලු පහසුකම් සලසා ඇත්තේ පොලීසිය විසිණි. ඒ සඳහා වූ සියළු වියදම් පෙලීසිය දරා තිබේ.

ඒ අතරතුර පැට්ටාගේ ජාතික හැඳුනුම්පතක් හා විදේශ ගමන් බලපත්‍රයක් සකසා දීමද පොලීසිය විසින් සිදුකර ඇත. පවුලේ වියදම වෙනුවෙන් පැට්ටාගේ බිරිඳට අයත්, ලංකා බැංකුව, පාදුක්ක ශාඛාවේ වූ 92578831 ගිණුමට ලක්ෂ ගණනින් මුදල් බැර කර ඇත්තේ ද පොලීසිය විසිණි.

රණාලේ පැට්ටා’ගේ බිරිඳ අචිනි ඉමාලි

තවත් නඩු කිහිපයකට වරෙන්තු වී සිටි පැට්ටාට රටෙන් පලායාමට සියළු සහයෝගය ලබා දි ඇත්තේ වත්මන් පොලිස්පතිවරයාගේ අනුදැනුම මත හේමන්ත කුමාර ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසිණි. පැට්ටාට විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සපයාදීමට ද එම නිලධාරීන් කටයුතු කර ඇති අතර, 202510.01 දින එම මුදල් ලබා දී තිබේ.

ඒ අනුව, P 0287672 ගුවන් ගමන් බලපත්‍රෙයන් 2025.10.02 වැනි දින සවස 06:55ට ගුවන්ගත වූ Air Arabia ගුවන් සමාගමට අයත් 3L 708 අංකය දරණ ගුවන් යානයෙන් පැට්ටා ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

රණාලේ පැට්ටා’ ඩුබායි බලා පිටත්ව ගිය ගුවන් ටිකත් පත
‘රණාලේ පැට්ටා’ ඩුබායි හි රැදීසිටින්නේ මෙම සංචාරක වීසා බලපත්‍රයෙනි
රණාලේ පැට්ටා’ ඩුබායි හි නවාතැන් ගෙන සිටින හෝටලයේ රිසිට් පත

මේ වන විට ඩුබායි සිටින පැට්ටා පොලීසිය සමඟ සබඳතා පවත්වන දුරකථන අංකය වන්නේ +96551029751 ය. ඔහු ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා පාවිච්චි කරන දුරකථන අංකය වනුයේ, 076 1828465 ය. මත්ද්‍රව්‍ය අළෙවි කිරීමේ මුදල් බැර වන්නේ ජේ.ඒ. මධුශාන්ත නමින් පවත්වාගෙන යන අංක 86217914 දරන ලංකා බැංකු ගිණුමට ය. මෙම ගිණුමේ අයිතිකරු ලංකාවේ රැදී සිටින අතර, ඔහුට අදාළ ගෙවීම් සිදු කරනුයේ පැට්ටා විසිණි. එම ගිණුමේ බැංකු පොත හා ATM කාඩ් පත ඇත්තේ පැට්ටා සතුවය.

ජනප්‍රිය පුවත්  පට් පට් ගාලා නඩු වළලන සූරසේන! අධිකරණය සුන්!
‘රණාලේ පැට්ටා’ව රටින් පැන්නීමට සහාය වූ එක් පොලිස් නිලධාරියෙක්

පැට්ටාට රටෙන් පිටව යාමට අවශ්‍ය සියළු ව්‍යාජ ලියකියවිලි පොලීසිය විසින් හදා දී ඇත්තේ තවත් අපරාධකරුවකු වන ”හඳයා” නැමැති අය මගින් ය. විදෙස් ගත වූ පැට්ටා සහ හඳයා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමත්, බස් ලලිත්ගේ තත්ත්වය (කප්පම් ගැනීම) තමන් වෙත හිමිකර ගැනීමත් සඳහා බස් ලලිත්ගේ ගෝලයන් ඝාතනය කිරීමට ද පොලීසියේ සහාය ඇතිව මේ වන විට සැළසුම්කර තිබේ.

තවත් නොබෝ දිනකින්, වසර 2ක ව්‍යාපාරික වීසා ලබාගෙන යුරෝපීය රටකට පලාගොස් දේශපාලන රැකවරණ සහිතව මත්ද්‍රව්‍ය හා අපරාධ මෙහෙයවීමට පැට්ටා කටයුතු සූදානම් කර ඇත. මෙම අනාවරණය අනුව පැහැදිළි වන්නේ පාතාල අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටසක් ආණ්ඩුවේ ඉහළ අවබෝධය සහිතව පොලීසිය විසින්ම ආරක්ෂා කරන අන්දම ය. මේ පිළිබඳ සියළු තොරතුරු දන්නා පොලිස්පතිවරයා ඒ පිළිබඳව නිහඬව සිටින්නේ ආණ්ඩුවේ ඉහළින් ආ නියෝගයකට අවනත වීම නිසා ය.

විශේෂ විමර්ශන අංශය

Lanka Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x