January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නව සමාගම් 6ට වත්කම්! ලංවීම ඈවරයි

1 min read

ප්‍රතිව්‍යුහගත කිරීමට අකැමැති 2173ක් විශ්‍රාම යෑමට ඉල්ලති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම් කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය.

ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතියේ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇතැයි ද ඒ මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු ලබන පෙබරවාරි 01 වැනිදාට පෙර අවසන් කරන ලෙස දැනුම් දී ඇති අතර එම සමාගම් වලට කාර්ය මණ්ඩලය යොමු කිරීම මේ වනවිටත් සිදුකර ඇති බවද පැවසේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන්පසු එහි කටයුතු නව සමාගම් 06 යටතේ ඉදිරියට පවත්වා ගෙන යෑමට නියමිතය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x